ජනපති රනිල් ලබන සතියේ ජපානයට ….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 26 වනදා ජපානය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ, ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය.

එමෙන්ම එහිදී ඒ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ජපාන අගමැතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බව සඳහන්.

RN