නැවතත් කිරිපිටි මිල ඉහළ යයිද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි නමුත්, ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා කියා සිටී.

ඒ මහතා තව දුරටත් පැවසූවේ,

“අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල් 600ට දෙන්න පුළුවන් ආනයනික කිරි පැකට් එකක්. පසුගිය අවුරුදු 30 ඇතුළත වැඩිම බදු මුදලක් කිරිවලට ගෙවන්නේ අද තමයි. ටොන් 8,000ක් මාසයට විකිණුන කිරි එක දැන් ටොන් 3,000ට බැහැලා. සීනිවලට ශත 25යි ඩියුටිය. පාන් පිටිවලට රුපියල් 45යි. කිරි පිටිවලට රුපියල් 650යි. මේකේ හරි තොරතුරු රජයේ බලධාරීන්ට නොලැබීම නිසා වැරදි අර්ථකථනයක් දෙනවා රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා කිරිවලින්. ලංකාවේ කිසිම දවසක කිරිවලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. මොකද රටේ ජනතාව 85%ක් ඉන්නේ බෞද්ධයෝ සහ හිංදු. හිංදු සහ බෞද්ධ බැතිමතුන් හරක් මස් කන්නේ නැහැ. ලෝකයේ කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම මී කිරි නිෂ්පාදනයේ ලාභය ගන්නේ කිරිවලින් 45%යි මස් වලින් 55%යි.””ඇත්තෙන්ම දැන් තියෙන තොගවලින් මිල වැඩිකිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ.

ඉදිරියට එන කිරි අඩුකරලා අපිට දේන්න පුළුවන් රුපියල් 620කට මේ බදු මිල ඉවත් කළොත්. දැන් ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල වැඩිවේගෙන යනවා. පසුගිය සති දෙක තුළම 5% සහ 10% කින් වැඩි වුණා. පසුගිය මාස තුන හතර තුළ කිරිවල වෙළෙඳාම 50%කට වැඩිය අඩු වුණා හැම ආයතනයකම. ඉතින් මේ අඩු වුණ නිසා අපිට ඉදිරි මාස දෙක තුනටම කිරි තියෙනවා අපි ළඟ. ඒවා දෙන්න පුළුවන් අපිට. මිල වැඩිකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඔය ගණන්වලට කිරි එනකොට දෙසැම්බර් මාසයේ දී හරි ජනවාරි මාසයේ දී හරි සමහරවිට අපිට මිල වැඩිකිරීමක් ඉල්ලන්න සිදු වේවි මේ බදු මිල අඩු කළේ නැත්නම්.”

ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...