අර්ජුනට එරෙහි විය නොහැකි හඬේ හඬ

Date:

අර්ජුන රණතුංග ක්‍රිඩාංගණ සේවකයන්ව වැරදි ලෙස භාවිතා කර ඉන්දියාව කුසලානය දිනා ගත් බව පෙන්වීමට උත්සාහ කරයි.මේ වන විට යහමින් ජිවත්වීමට හැකි වැටුපක් ලබමින් හොද සාමාන්‍ය යහපත් ජළුිතයක් ගත කරන ක්‍රිඩාංගණ සේවකයින් දෙස මේ කතාවත් සමඟ ඔවුන් ජීවත්වන පරිසරයේ මිනිසුන් වැරදි විදිහට බැලීමට පටන්ගෙන ඇත.අර්ජුනලා තරම් සුව පහසු ජිවිතයක් ඔවුන්ට හිමි නැත.එම පරිසරයන්හී බහුතර දෙනාගේ ඉරණම දුප්පත්කම සහ නූගත්කමය.

ලංකාවේ දේශපාලනයේ බොහෝ කළු ක්‍රියාකරකම් සහ මතවාද වෙනුවෙන් මරා ගන්නා කණ්ඩායම් නිර්මාණය කර ගැනීමට පහසු ද මේ අපොහොසත්කම්ය.ජාතිවාදී,ආගම්වාදී පාදඩ සංස්කෘතික ක්‍රියාකාරකම්වලදී අපට හමුවන්නේ මෙවැනි පරිසරවල මිනිස්සුන්ගේ නොවැඩුණු සංස්කෘතික ආත්මයන්හී වියරුකමය.ඒවා සූක්ෂමව තමන්ගේ පැවත්ම සහ රැකිම වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නෝ අර්ජුනලා ජිවත්වන පරිසරයේ සහ අර්ජුනලා කරන දේශපාලනයේ නියැලෙන්නෝය.ලංකාවේ සහ ඉන්දියාවේ ක්‍රිකට් සම්බන්ධතා වංචාකාරී බව සිතිය හැකිනම් එය 1996 ට අදාළය.එහිදී ශ්‍රී ලංකාව 1996 දී ලෝක සුරයෝ වීමේ විශාල ගෞරවයක් ඉන්දියාව ප්‍රමුඛ ආසියාතික රටවලට යන්නේය.ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා රටවල් ලංකාවට ඒමට අකමැති වෙද්දී එම රටවල්වල සමූහ කණ්ඩායමක් පැමිණ ශ්‍රී ලංකාවේ ක්‍රිඩා කළේය.ඒ නිසා ඇතැම් අකමැති රටවල් ලංකාවට ඒමට එකඟ කරවා ගැනීමට ද ඉන්දියාව වැනි රටවල් සහය දුන්නේය.එවකට පසුව තරග පාවාදීමේ චෝදනා ඔප්පුවීම මත ක්‍රිකට් අහිමි කර ගත් ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් අර්ජුනගේ ගජ මිතුරා විය.

එය දෙදෙනාම ප්‍රසිද්ධියෙ පැවසූවකි.එකල මේ තරග පාවාදීමේ චෝදනා ශ්‍රී ලංකාවේ ප්‍රබලයන්ට ද එල්ල වූ බව අපි දනිමු.සමහර විට ඒ ඉන්දියානු ක්‍රිඩකයින් සමඟ තිබුණ අත්ශය හිතවත්කම් නිසා විය හැකිය.කෙසේ හෝ අර්ජුන යනු බලු අසූචි මත අතුරා දැමුවත් ගඳක් නොදැනෙන සඳුන් කඳක් සේ ය.අන් අය එවැනි තැනක් අසළින් ගියත් ගඳ වෑහෙන්නේය.මේ ඔහුගේ තියරිය ය.මේ ගැන පහළ සමාජතලයේ මිනිසුන් කල්පනා කරන්නේ නැත.චෝදනාවලට ලක්වන්නට ඊට එරෙහිව හඬ නඟන්නට ද ශක්තියක් නැත.සැකය පහළට දමා ගසන්නේ ඉහළට දමා ගසන්නට අපහසු බැවිනි.

එතරම් උඩට පහර දුන්නොත් මේ මොහොත වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන දේශපාලන සහ ආර්ථික සබඳතා ගැන සැකයෙන් කතා කරන මිනිසුන්ගේ ගොඩට අර්ජුන වැටීම,ඒ ආණ්ඩුව නියෝජනය කරන ඇමකිවරයෙකුට උඵදෙස් දෙන පුද්ගලයෙක් විදිහට එතරම් සුවදායක නැත.ඒ නිසා සැකය පහළට හරවා අහිංසක මිනිසුන්ගේ නිවාස යට කර ගලන තත්ත්වයට සකස් කර ඇත.ඇත්තටම ඔහු නායකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට ඉටු කළ කාර්යභාරය අතිශයින් විශාලය.අපූරුය.විශිෂ්ට ය.එහි සැකයක් නැත.නමුත් ඔහු ඒ නායකයා ශ්‍රී ලංකාවෙ සමස්ත ක්‍රිකට්වල හැසිරීම තීරණය කරන යතුර විය යුතු බව සිතීමනම් අවුලකි.ඒ අවුල ක්‍රිකට් නොව ඔහු ද අවුලෙන් අවුලට යවන ඔහුගේ කීර්තිය විනාශ කරන වියවුලකි.අර්ජුන අඩුම තරමේ තමන් උපයාගත් අද්වීතීය කීර්තිය සහ විශ්ෂිටත්වය මෙවැනි සිල්ලර කතාවලින් ගෙවෙන්නට නොදී රැක ගන්නවානම් වැදගත්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...