*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඔහෙලා මේ කරන්නේ ‘ඉතාම වැරදි, භයානක’ වැඩක් – චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

වසංගතයක්, යුද්ධයක් නිසා කඩා වැටී යම්තම් ගොඩනැඟෙමින් තිබෙන ආර්ථිකයට හෙනහුරා පාත්වන තවත් යුද්ධයක සේයාවක්???

තායිවානය සමඟ පවත්වා ගන්නා සබඳතාවය තුළින් එක්සත් ජනපදය ‘ඉතාම වැරදි සහ භයානක‘ සංඥා නිකුත් කරමින් සිටින බවත්, මේ ඔස්සේ තායිවානයේ ස්වාධීන ක්‍රියාකාරකම් ඉවවහා යන තරමට කලාපයේ සාමය බිඳ වැටිය හැකි බවත් චීනය අනතුරු අඟවයි.

චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත ඉහත අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එක්සත් ජනපදය තායිවානය සමඟ පවත්වා ගන්නා සබඳතාවය ඔස්සේ චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවය හෑල්ලුවට ලක්කරන බවත්, මෙය ඉතාම වැරදි සංඥා නිකුත් කිරීමක් බවත් ඊයේ (23) දින නිව් යොර්ක් නගරයේ දී චීන විදේශ අමාත්‍යවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට පවසා ඇත.

ගෝලීය ආර්ථිකය තුළ චීනයේ බලය දියාරු කිරීමේ අරමුණින් ගෝලීය ආර්ථිකයේ අනෙකුත් පාර්ශවකරු වන එක්සත් ජනපදය චීනය පසුකර අසල්වාසී තායිවානය සමඟ වෙළඳ ඇතුළු ද්වීපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කරන බවට ඉකුත් දින වාර්තා පළවී තිබිණි.

තායිවානය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස චීනයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතුන ද එය තවමත් චීනයේ කොටසක් යැයි විශ්වාස කෙරෙන පාර්ශවයන් චීනයේ සිටින අතර, මෙය ආසියා පැසිෆික් කලාපය තුළ බරපතල නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්වාධීනව කටයුතු කරන ඕනෑම රාජ්‍යයකට තමා කැමති රාජ්‍යයක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට හැකියාව තිබුණ ද, ඇමරිකාවේ මැදිහත්වීම හුදෙක් එය අභිබවා ගිය දේශපාලනික අරමුණක් මත සිදුවන බවයි ගෝලීය දේශපාලන විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ.

ලෝක ආර්ථිකය තුළ චීනය හිමිකරගෙන තිබෙන සංදිස්ථානය කඩා දැමීමේ ප්‍රයද්නයක් ලෙස චීනය පසුකර තායිවානය සමඟ සබඳතා පවත්වා ගැනීමට එක්සත් ජනපදය කටයුතු කර ඇති බවත්, මෙය හුදෙක් කලාපීය නොසන්සුන්තාවයක් පමණක් නොව යුරෝපීය කලාපයේ සෝවියට් අවදිවීමට එරෙහිව ගොඩනැඟුනු නේටෝ සංවිධානය මෙන් තවත් යුධ එකමුතුවක් ආසියා පැසිෆික් කලාපය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව සිදුකළ චේතාන්විත ක්‍රියාවක් බවත් වරක රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසා සිටියේය.

රුසියානු – යුක්රේන යුද්ධය ඇතිවීම කෙරේ ඇමරිකාවේ භූමිකාව කාටත් රහසක් නොවේ. එහිදී රුසියාව කටයුතු කළ අන්දම නිවැරදි නොවන අතර, කලාපීය සහයෝගීතාව කළමනාකරණය කර ගැනීම හමුවේ යුක්රේනය කටයුතු කළ අන්දම ද නිවැරදි යැයි කීමට නොහැකි ය.

මෙම සන්දර්භයම තායිවානය සහ චීනය අතර නිර්මාණය වූවහොත්, ඇමරිකාව සුපුරුදු ලෙස අත පිස දා ගනු ඇති අතර, සිය දහස් ගණනින් අහිංසක ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන සන්නද්ධ අරගලයක් නිර්මාණය වීමේ අවදානමක් පවා මෙමඟින් ඇතිවිය හැකි බවයි විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටින්නේ.

ඡායාරූප: අල් ඇරබියා

Outbound Today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan