සෞඛ්‍ය සේවකයන්ගේ කටවල් බැඳ තැබීමේ උත්සාහයක්

Date:

සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරන හා සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය බළධාරීන් තීරණය කර තිබෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසනවා.

සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන විස්වාසය බිඳවැටෙන ආකාරයේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේදී සිදු වූ බව පෙන්වා දෙන අමාත්‍යංශය පවසන්නේ ඉදිරියට එවැනි සිදුවීම් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

රාජ්‍ය නිළධාරීන් මාධ්‍ය වෙත අදහස් දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ දක්වා ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම් චනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය කාලයේදී නිකුත් කළ ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගියදා අනාවරණය කළේය. ඉන් අනතුරුව ඔහු කැඳවා ඒ පිළිබඳව කරුණු විමසීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය පියවර ගෙන තිබිණි.

මීට අමතරව හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමුන්ගෙන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම පුවත ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති බොරු ප්‍රචාර සිදු කරමින් ජනතාව මුළා කිරීමට කටයුතු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...