පාපන්දු සම්මෙලනයේ නව ව්‍යවස්ථාව තුනෙන් දෙකටත් වඩා බහුතරයකින් සම්මතයි – නිලවරණය 2022  ඔක්තෝම්බර් 23

Date:

ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව අද( 2022 සැප්තැම්බර් 22) තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් විශේෂ මහාසභා රැස්වීමේදී  සම්මත විය.මෙම ව්‍යවස්ථාවේ එක් ලීගයක් සදහා එක ඡන්දයක් වෙනුවට ඡන්ද තුනක් ලබාදීම පිලිබද වූ වගන්තියට පක්ෂව ඡන්ද  48 ක්ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොමැත. 13ක්  ඡන්දය දීමෙන් වැලකිනි. මෙම වගන්තිය හැර අනෙක් සියළු වගන්ති සදහා ඡන්ද 61 ක් ලැබුණු අතර කිසිවකුගේ  විරෝධතාවයක් නොතිබිණි. මෙම විශේෂ මහාසභා රැස්වීම වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි.මෙම විශේෂ මහාසභා රැස්වීමට ව්‍යවස්ථා කෙටුම්පත නිරීක්ෂණයට දිවයිනට පැමිණ සිටින ජාත්‍යාන්තර පාපන්දු සංගමයේ නියෝජිතයන් දෙදෙනා සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයාද සහභාගී විය.

මෙම නව  ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශේෂ විධානයක් ද ලබා ගනිමින් 2022 ඔක්තොම්බර් … දින පාපන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමට තීරණය කර ඇත. නිලවරණය වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සහ ඒ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක්ද පත් කර ඇත

ජස්වර් උමාර්

සභාපති

ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...