සමාජවාදී තරුණ සංගමය සංවිධාන​යේ විරෝධතාවයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සියලු ඡායාරූ​ප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...