Wednesday, March 22, 2023
spot_img

Latest Posts

සමාජවාදී තරුණ සංගමය සංවිධාන​යේ විරෝධතාවයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සියලු ඡායාරූ​ප

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.