*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

රජය විසින් සිදු කිරිමට නියමිත සමාජ මාධ්‍ය වාරණය හරහා රටේ කර්මාන්ත රැසක් කඩා වැටේවි – සජිත් (VIDEO)

අපනයනකරුවන් හා නිෂ්පාදකයන් එකිනෙකාට පහසුවෙන් වේගයෙන් සම්බන්ධ විය හැකි එකම මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණය වුනත් අද වන විට රජය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල කරමින් සමාජ මාධ්‍ය වාරණය කිරිමට උත්සාහ කරන බවත් අන්තර්ජාල දත්ත සුරක්ෂිතභාවය තහවුරු කරනවා කියා සමාජ මාධ්‍යයට වාරණ, තහංචි හා කොන්දේසි දමා ජනතාවගේ නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බදු පිට බදු බර පැටවිම නිසා බොහෝ සමාජ මූලික කර ගත් කර්මාන්ත හා ආයතන අප රට හැරයාමේ අවදානමක් මතුව ඇති බවත් රජය රටේ කර්මාන්ත දියුණු කර ඩොලර් උත්පාදනය කරනවා වෙනුවට රටේ කර්මාන්ත විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිතර වන බවත් සමාජ මාධ්‍ය වාරණය හරහා තිබෙන ඩොලර් ටික පවා අහිමි වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය යනු රටේ පුරවැසියන් ලක්ෂ 220ම භුක්ති විදින අදහස් ඵල කිරීමේ නිදහස ඇති මූලික අයිතියක් බැවින් එය සුරක්ෂිත කිරීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (23) බෙලිදෙණිය ප්‍රදේශයේ ස්වර්ණාභරන නිර්මාණය කරන ව්‍යවසායකයන් සහ නිර්මාණශිල්පීන් හමුවී ඔවුනගේ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ විවිධ කර්මාන්ත කරන දක්ෂතාව නිපුනතාව හැකියාව තිබෙන කර්මාන්ත ගම්මාන විශාල ප්‍රමානයක් තිබුණත් අවසානාවකට මෙන් ස්වර්ණාභරන කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති බවත් අඩු පිරිවැයකින් මුදල් ලබා ගත හැකි ක්‍රමයක් නොමැති බවත් පොලි අනුපාත පවා වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රටක් ලෙස නව තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිය කාලයක් තිබුණත් මේ වන විට නැවතත් ආපස්සට යාමක් සිදුවන බවත් රටක් ලෙස සංවෘත නොවී ලෝකයා එක්ක ගනුදෙනු කරන විවෘත රටක් ඇති කළ යුතු බවත් ඒ තුළින් නව ක්‍රමවේද හා ක්‍රමෝපායන් අප රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මූල්‍ය සම්පත අඩු වීම තුළ උපකරන හිගයක් ඇති බවත් මේ වන විට රට බංකොලොත් වී ඇති නිසා අනෙකුත් රටවල් සමඟ තරග කල නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත් රටක් ලෙස නැවත ගොඩ ඒමට නම් ස්ථායිකරණය හා වර්ධනය එකට යා යුතු බවත් වෙන වෙනම නොයා යුතු බවත් ස්ථායිකරණයයි වර්ධනයයි වෙන වෙනම යවමින් වත්මන් රජය සෑම දෙයක් මතම අධික බදු බරක් පටවා ඇති බවත් මෙය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී බුද්ධික පතිරන මැතිතුමාගේ මූලිකත්වයෙන් යුත් ආංශික අධික්ෂණ කාරක සභාවට ස්වර්ණාභරණ සකස් කරන පුද්ගලයන් ද ගෙන්වා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බංකොලොත් රටේ ඩොලර් නැහැ කිය කියා හඩා වැළපෙනවා වෙනුවට කැට හෙල්ලා හොල්ලා ඩොලර් හොය හොය යන්නේ නැතිව වසා දමා ඇති මැනික් හා ස්වර්ණාභරන අධිකරණයට අයත් ශාලාව නැවත සවිබල ගන්වා අප රටට ඩොලර් ලබා ගත හැකි ස්වර්ණාභරන අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පුහුනුවකට එය යොදා ගත හැකි බවත් රජයට ඒ සදහා මුදල් නොමැති නම් රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ තුළින් තරුණ පරම්පරාවට පුහුණුව ලබා දීමට කටයුතු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අතමැදිකරුවන් නිසා නිෂ්පාදනකරුවා හා අවසාන වෙළෙඳපොළ අතර ඇති සබදතා පළුදු වී ඇති නමුත් ඩිජිටල් තාක්ෂණය උපයොග්ී කර ගෙන නිර්මාණකරුවා හා අපනයනකරුවා එක්ට සම්බන්ධ කළ හැකි වැඩපිලිවෙළක් සකස් කල හැකි බවත් අප රටේ ඇති අපනයන සංවර්ධන මණ්ඩලය මේ ගැන අවධානය යොමු නොකිරීම ලැජ්ජා බවත් ජපානය පවා දැවැන්ත සංවර්ධනයක් අත්කර ගත්තේ ඔවුන්ගේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වුනත් අප රටේ ආයතනය එකතැන පල් වෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බෙලිදෙනිය ගම්මානයට පැමිණියේ ජනප්‍රිය දේශපාලන ගමනක් අරමුණු කර ගෙන නොව මෙරට ස්වර්ණාභරණ කර්මාන්තය දියුනු කිරීමේ අරමුණින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සංචාරය අතරතුර බෙලිදෙණිය ප්‍රදේශයේ ස්වර්ණභරණ නිර්මානය කරන තරුන ව්‍යවසායකුගේ කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කිරිමට ද එක් විය. එහි දී මෙම ක්ෂේත්‍රයේ දැනට පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානයට ලක් විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan