වැඩිම වන්දි මුදල් ගෙවීමට මෙවර සිදුවන බව කෘෂිකර්ම ඇමති කියයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

වගා හානි වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල මෙවර ගෙවීමට රජයට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නියඟය හා ගංවතුර හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන බවත් මේ වන විට හානිවූ කෘෂි භූමි ප්‍රමාණය ගණනය කරමින් ඇතැයි අමාත්‍යවරයා කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඊයේ (23) එම මහා විහාරවලදී බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

වන්දි ගෙවීම සඳහා මුදල් අවශ්‍ය බව තමන් ඉකුත්දා කැබිනම් මණ්ඩලයට දැනුම් දුන් බව කී අමාත්‍යවරයා, රුපියල් බිලියන ගණනක් ඒ වෙනුවෙන් වෙන් කිරීමට සිදුවන බව ද කීහ. නියමිත දිනට වගාව ආරම්භ කිරීම සහ අදාල නිලධාරීන් අතර මනා සම්බන්ධයක් පවත්වා ගැනීම සිදුවුණි නම් සිදුවූ වහා හානිය මීට වඩා බෙහෙවින් අවම තත්ත්යකට පත් කර ගත හැකිවන බව අමාත්‍යවරයා කීවේය.

නමුත් ඉදිරි කන්නයේදී නියමිත දිනට වගාව ආරම්භ කරන බවට ගොවි නායකයන් පොරොන්දු වූ බවත් නිලධාරීන් ද ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන බවට තමන් සමඟ කළ ඒකාබද්ධ සාකච්ඡාවේදී එකඟවූ බවත් ඒ මහකා කීහ. එසේ වුණි නම් හානි අවම කර ගත හැකි බව ද අමරවීර මහතා කීවේය.
කීර සම්බා පරිභෝජනය ඉහළ ගියත් එහි වගාව අවම තත්ත්වයක පවතින බව ද කී ඒ මහතා කීරි සම්බා වගාව ඉහළ නැංවීම සඳහා ඉදිරි මහ කන්නයේදී වැඩසටහන් දියත් කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් මධ්‍යම පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...