අද තියෙන්නේ මර්දන ත්‍රිත්වයක් සහිත රටක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වසර දෙකකට පෙර සෞභාග්‍යමත් රටක් හදන්නට මේ රටේ ජනතාව නෙළුම් පොහොට්ටුවට ඡන්දය දුන් බවත්, දෛවයේ සරදම වන්නේ ඉන් වසර දෙකකට පසු දරුවන්ට කිරි පිටි පැකට්ටුවක් ගන්නට මේ රටේ දෙමව්පියන්ට වැව්වලට බැස නෙළුම් අල හාරන්නට සිදුවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නෙළුම් කුළුණ උඩට නැඟගත් විට දිව්‍ය ලෝකය පෙනෙන බව ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, නමුත් නෙළුම් කුලුන උඩ සිට පහළ බැලූ විට පෙනෙන්නේ අප්‍රමාණ දුක් කඳක් අත්විඳින මිනිස්සුන්ගේ ජීවිත යැයිද සඳහන් කළේය.

මේ සියල්ල මැද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා තරුණ නායකයින් සිරගත කොට ඇති බවත්, අධි ආරක්ෂිත කලාප ඇතිකරමින් තවත් නීතිවිරෝධී ආකාරයේ මර්දනයක් ක්‍රියාත්මක කරන බවත්, නිදහස් මාධ්‍යයේ පැවැත්මට බාධා පමුණුවමින් මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් ආරම්භ කොට ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ මන්දපෝෂණය උද්ගතව ඇති බවත්, ඇතැම් පාසල්වල දරුවන් දරුවන්ට දිවා ආහාර වේලට කුරුම්බා ලොඳ රැගෙන එන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන්නෙ බොළඳ ප්‍රතිචාර බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (24) බණ්ඩාරගම ආසනයේ පැවැති ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එය සංවිධානය කොට තිබුණේ බණ්ඩාරගම සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නයනක රන්වැල්ල මහතා විසිනි. යථාර්ථවාදී සත්‍යවාදී එකම හරිත පක්ෂය සමගි ජන බලවේගය බවත්,සමගි ජන බලවේගය ට හරිත ප්‍රතිපත්තියක් සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලක් තිබෙන අතර තිරසර පරිසර රටාව සිය පක්ෂයේ ඉදිරි ගමන බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...