පරිගණක යාවත්කාලීන වනතුරු ආදායම් බලපත්‍ර නිකුතුව නවතී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිකුත් කළ නිවේදනයකට අනුව, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන අතර, සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බවද දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...