පුටින් රුසියානු න්‍යෂ්ටික අවි විශාල වශයෙන් භාවිතා කිරීම සඳහා නව නීති ගෙන එයි

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු න්‍යෂ්ටික අවි විශාල වශයෙන් භාවිතා කිරීම සඳහා නව නීති ගෙනවිත් ඇතිබව වාර්තා වේ.

රුසියානු ජනාධිපතිවරයා මේ බව ඊයේ(25)දිනයේ දී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර තිබු අතර ‘රුසියාවට න්‍යෂ්ටික බලයක සහභාගීත්වය හෝ සහාය ඇතිව න්‍යෂ්ටික නොවන බලවතෙකු විසින් රටට එරෙහි ප්‍රහාරයක් රුසියානුවන්ට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සලකනු ඇති බවත්, අපගේ ස්වෛරීභාවයට තීරනාත්මක තර්ජනයක් ලෙස සලකා න්‍යෂ්ටික අවි භාවිතා කළ හැකි බවත්’ ජනධිපතිවරයා මෙහිදී අවධාරනය කර තිබිණි.

රුසියානු ජනාධිපතිවරයා රුසියාවේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන අතර ඔහුගේ අනුමැතිය මත සියලු කටයුතු සිදු කෙරේ. කෙසේ නමුත් රුසියාව ලොව විශාලතම න්‍යෂ්ටික බලවතා වන අතර රුසියාව සහ එක්සත් ජනපදය එක්ව ලෝකයේ න්‍යෂ්ටික යුධ හිස්වලින් සියයට 88ක් පාලනය කරයි.

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ යුක්රේනයේ බටහිර සහචරයින් විසින් මේවන විට රුසියාවේ ගැඹුරින් මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා දිගු දුර ආයුධ භාවිතා කිරීමට කියෙව් හට ඉඩ දිය යුතුද යන්න සම්බන්ධයෙන් විට සලකා බලමින් සිටින අතරතුර ජනාධිපති පුටින්ගේ මෙම ප්‍රකාශ පැමිණ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...