තවත් තිදෙනෙක් අල්ලස් දැලේ පැටලෙයි!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (25) දින සිදු කරන ලද වැටලීම් දෙකකදී ගොවිජන සංවර්ධන නිලධාරියෙකු, කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

දෙණියාය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මාර්ගය ආසන්නයේ ඇති කුඹුරු ඉඩමක කන්ටේනර් පෙට්ටියක් තබා තිබිය දී එය පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා පැමිණිලිකරුට සහන සැලසීමත්, නීතිය මඟින් කටයුතු නොකර සිටීමත් වෙනුවෙන් රු.25,000ක අල්ලසක් ඉල්ලූ දෙනියාය, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ගොවිජන සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සමතුරෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ පැමිණිල්ලකට අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 11,000ක මුදලක් ඉල්ලා එය රු.10,000ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ලබා ගත් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු ද ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවයේ නියුතු කාන්තා ආරක්ෂක නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනය කරන්නේ.

මෙම සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : ලංකා බැංකුව සඳහා...

කොළඹ ගලදාරී නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : කොළඹ 01 හි...

රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...

මෙවර අයවැය ඉදිකිරීම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : රජයේ අයවැය ඉදිකිරීම්...