ලංසු බැඳුම්කර මඟ හැරීම මධ්‍යයේ වහාම ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමට පියවර!

Date:

නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු තොගය හැකි ඉක්මනින් ආනයනය කිරීමට රජය අපොහොසත් වුවහොත් රට පුරා පැය දහයක විදුලි කප්පාදුවක් සමඟ ශ්‍රී ලංකාවට බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දැනට බලාගාරයේ ඇති ගල් අඟුරු තොගය ප්‍රමාණවත් වන්නේ 2022 ඔක්තෝබර් 25 දක්වා පමණක් වන අතර ඔක්තෝබර් 25 වැනිදායින් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබා දිය යුතුය.

ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසන්නේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා පසුගිය අගෝස්තු 25 වැනිදා ලබාදී තිබූ ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමෙන් පසු රජය අඟහරුවාදා (සැප්. 27) ගල් අඟුරු ලබා ගැනීම සඳහා වහාම ටෙන්ඩරයක් කැඳවන බවයි.

Black Sands LLC සැප්තැම්බර් 8 වැනි දිනට නියමිත සැලසුම් බැඳුම්කරය ඉදිරිපත් නොකිරීම සහ තවටත් එම බැඳුම්කරය තැන්පත් නොකිරීම යන හේතුන් නිසාවෙන් ගල් අඟුරු සැපයීමේ දිගුකාලීන ටෙන්ඩරය දැන් බරපතළ අර්බුදයකට ලක්ව ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිවේදනය කළේ (සැප්තැ.23) ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව සඳහන් කිරීමෙන් පසු තෝරාගත් සැපයුම්කරු ඉවත් වී ඇති බවයි.

ඒ අනුව, දිගුකාලීන ණය පදනම මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සැලසෙන නව ජාත්‍යන්තර විවෘත තරඟකාරී ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

නියමිත වේලාවට ගල් අඟුරු බෙදාහැරීම ප්‍රමාද කරමින් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වන බව රටේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ගල් අඟුරු සැපයුම්කරුවෙකු ලෙස ගිවිසුම්ගත වීමට සමාගම් කිහිපයක් ලංසු ඉදිරිපත් කළ අතර තවත් සමාගමක් ටෙන්ඩර් ක්‍රියාවලියට පිටින් ලංසු ඉදිරිපත් කළේය.

ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පරිබාහිරව ඉදිරිපත් කරන ලද ලංසු විවෘත කර ඇගයීමෙන් අනතුරුව විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඉදිරිපත් කළ යෝජනා ඇගයීමට ලක් කර ඇත.

අවසානයේදී, නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ලංසු ඉදිරිපත් කළ සමාගමට දිගුකාලීන සැපයුම පිරිනැමීමට තීරණය විය.

නමුත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලංසු ඉදිරිපත් කළ සමාගම නැවතත් අඩු මිලට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුකරු ටෙන්ඩරය ලබාදුන් සමාගමටද බලපෑම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ටෙන්ඩරය ලබා දුන් සමාගම ගල් අඟුරු සැපයීම සඳහා කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර ඔවුන් එකඟ වූ පරිදි එම කොන්දේසි සපුරාලීමට නොහැකි වී තිබේ.

දැනට ගල් අඟුරු සපයන සමාගමට තවත් නැව්ගත කිරීම් 21ක් සැපයීමට සිදුව ඇති නමුත් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එම තොග සැපයීම අර්බුදයකට ලක්ව ඇත. නමුත් මෙම නැව්ගත කිරීම් වලින් 50% පෙරගෙවුම් ක්‍රමයක් මත ලබාදීමට සමාගම එකඟ වී ඇති බව වාර්තා විය.

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු තොගයක් ඔක්තෝබර් 25 වැනිදාට පෙර ලැබීමට නම් අවම වශයෙන් ලබන සඳුදා වන විට යම් මුදලක් ගෙවිය යුතුය. එනම් අඟුරු නැව් 5ක් සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 95ක් අවශ්‍ය වේ.

ඒ අනුව සඳුදා වන විට අදාළ සමාගමට මෙම මුදල හෝ ඉන් කොටසක් නොගෙවන්නේ නම් 2022 ඔක්තෝම්බර් 25 වැනිදා සිට රටේ විදුලි සැපයුම අනතුරේ බව තවදුරටත් අවධාරණය විය.

ඕවින්දි විශ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...