කුඩා කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

පසුගිය රජය මැටි කර්මාන්තයේ නිරතව සිටින පුද්ගලයන්ට හැදුනුම්පතක් ලබා දුන්නත් නව ජනාධිපතිවරයා යටතේ එම ප්‍රතිපත්තිය අහෝසි වී ඇති බවත් එම නිසා ඔවුන්ට අවශ්‍ය සම්පත් ප්‍රවාහනය කිරීමේ ගැටලු මතුව ඇති බවත් මෙය සෑම ග්‍රාමීය කර්මාන්තයකම දැකිය හැකි ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රට තුළ ග්‍රාමීය හා කුඩා කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ විශාල අඩුපාඩු සිදුවන බැවින් සමගි ජන බලවේග රජයක් තුළ ගෘහ හා ග්‍රාමීය කර්මාන්ත ක්‍රියාත්මක බල ප්‍රදේශවල විශේෂ වූ වැඩසටහන් ක්‍රියාත්මක කර නිශ්චිත දේශීය වෙළෙඳපොළක් ලබා දීමත් අපනයන කේන්ද්‍රීය කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා සිටීමත් සිදු කර මෙකී ව්‍යාපාර වඩාත් පහසුවෙන් කර ගෙන යාම සඳහා කුඩා කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත ජාතික ප්‍රතිපත්තියක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (24) වැලිගම කුඹල්ගම මැටිකර්මාන්තයේ නිරත ව්‍යාවසායකයන් හමුවූ අවස්ථාවේ දීය.

මැතිවරණ කාලයට යොමුවන අවධානය ජනතා ඡන්දයෙන් ආණ්ඩුබලය ලබා ගත් පසු සියල්ල අමතක කරන සංස්කෘතියක් අප රටේ ඇති බවත් මෙවන් සංස්කෘතියක් තිබුණත් විශේෂයෙන්ම සමගි ජන බලවේගය විසින් ග්‍රාමීය කර්මාන්ත සෑම එකක්ම අපනයන කේන්ද්‍රීය කර්මාන්තයක් බවට පත් කිරිමට අවශ්‍ය පරිවර්තනය සඳහා සම්ප්‍රදානුකූල ගම්මාන කේන්ද්‍ර කර ගෙන ප්‍රතිපත්තිමාලාවක් සකස් කර ගෙන යන බවත් එය ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධික පතිරණ මැතිතුමාට බාර දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ ගම්මානවලට පැමිණ කර්මාන්තකරුවක්ගේ ගැටලුවලට සවන්දෙනවා සේම ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී බුද්ධික පතිරණ මැතිතුමාගේ මූලිකත්වයෙන් යුත් ආංශික අධීක්ෂණ කාරකසභාවට අදාළ නිලධාරින් ගෙන්වා ස්වර්ණාභරණ, මැටි හා බීරලුරේන්ද කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. තව ද මේ කර්මාන්ත ගම්මානවලින් ලැබෙන අදහස් යෝජනා තුළින් කුඩා කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කරන බවත් ජාතික කුඩා හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රතිපත්තික් නිර්මාණය කරන බවත් යම් දිනක ජනතා වරමින් රාජ්‍ය බලය ලැබුණු දින සිටම එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පොරොන්දු විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...