වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං මඟින් සිදු විය හැකි අනතුර, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්‍යක්ෂමතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා...