ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27:
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර මැදපෙරදිග ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ දින හතක යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරානය විසින් කටාර් මැදිහත්කරුවන් හරහා ඇමෙරිකාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව යටතේ, ඇමෙරිකාව ඉරාන වරායන්ට පනවා ඇති නාවික අවහිරය ඉවත් කිරීම, ඉරාන තෙල් අපනයන සම්බන්ධ සම්බාධක ලිහිල් කිරීම සහ කලාපයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සිදු කළහොත් දින හතක් ඇතුළත හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය සූදානම් බව ප්‍රකාශ කර තිබුණි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව එකඟ වුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමෙන් අනතුරුව න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ හැකි බවයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් ඊයේ(26)දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් “මම ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා” යනුවෙන් ප්‍රකාශ කළ අතර, ඉරානය තවමත් ඇමෙරිකාවේ නිල ප්‍රතිචාරය මැදිහත්කරුවන් හරහා ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන බැවින්, එහි නාවික ගමනාගමනයට ඇති බාධා ගෝලීය තෙල් සැපයුම සහ ආර්ථිකයට බලපෑම් ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...