ජාතික ජල කළමනාකරණ කමිටුව රැස්වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (26) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී “ජාතික ජල කළමනාකරණ කමිටු රැස්වීම” පැවැත්වූ අතර , එළඹෙන මහ කන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීම එහිදී ප්‍රධාන වශයෙන් සිදුවූ අතර , වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ “එල්නිනෝ” තත්ත්වය හමුවේ පසුගිය යල කන්නය අවසානයේ දිවයිනට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් රටේ ගොවි ජනතාව මුහුණ දුන් දුෂ්කර අත්දැකීම් පිළිබඳව හා ගොවි, නිලධාරී ක්‍රියාකාරකම් හි පැවති අඩුපාඩු පිළිබඳවයි.

ඒ අනුව, 2023/24 මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ජලය නිකුත් කිරීම හා නිකුත් කිරීම් අවසන් කරනු ලබන දින වකවානු පිළිබඳව ගොවි සංවිධාන නායකයින් වෙත ප්‍රකාශයට පත්කළ අතර, නියමිත දිනයන්හි දී මූලික බිම් සැකසීම් ආරම්භ කර අස්වනු නෙළීම් දක්වා වූ සියලු කටයුතු අවසන් කර, විධිමත් පරිදි ජලය කළමනාකරණය කර ගැනීමට ගොවි නායකයන්ගේ එකඟතාවය හිමි වී ඇත.

තවද, අලුත්වැඩියා කළ යුතු ඇළවේලි හා වැව් සම්බන්ධයෙන් ගොවි නායකයින් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසද නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

තවද, නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ, අත්‍යාවශ්‍ය අවස්ථාවන්හි දී සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සඳහා විධිමත් නීත්‍යානුකූල ගිවිසුම්ගත ක්‍රමවේදයක් සකස්කර ඉදිරියේ දී ඇතිවිය හැකි ගැටලු අවම කරගන්නා ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...