වර්ගවාදයට විරුද්ධයි – බ්‍රසීල පාපන්දුවෙන් ප්‍රකාශයක්

ටියුනීසියාව සහ බ්‍රසීලය අතර පැවති පාපන්දු තරගය ගෝල 5- 1 ලෙස බ්‍රසිලය ජය ලබා ගත්තේය.නමුත් තරගය නමින් සුහඳ වුව ද,ආරම්භයේ සිටම ඇතැම් ටියුනිසියානු ප්‍රේක්ෂකයින් හැසිරුණේ අශෝභන තත්ත්වයකින් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේය.

මේ වන විට බ්‍රසිලයේ දේශපාලනික තීරණයක් මත ක්‍රියාත්මක වන වහල් සේවට කැද වූ කළු ජාතිකයන් ද සංගණනයට එක් කර ගැනීම මානව හිතවාදීන්ගේ විශාල පැසසුමකට ලක් වූ දේශපාලන තීන්දුවක් සේ දැකිය හැකිය.නමුත් තවමත් ගෝත්‍රික මතවාද සමඟ සිටින නොදියුණු සංස්කෘතීන් හී ගත කරන පිරිස් මෙම කළු ජාතික සංගණනයට ලොව පුරා විරෝධය එකතු කිරීමේ යම් යම් ක්‍රියාකාරකම්වල නියැලෙන්නේය.මේ තත්ත්වය තරගය ආරම්භ කිරිමට පෙර බ්‍රසිල ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී ඊට උසුළු විසුළු කරමින්ද ඇතැම් අය ප්‍රකාශ කළ බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය තරගයේ නරකම සිඳුවීම සිඳු වූයේ බ්‍රසීලය සිය දෙවන ගෝලය වාර්තා කිරිමෙන් පසුව බව පවසයි.

රිචර්ලිසන් විසින් එම ගෝලය ලබා ගෙන ඒ වෙනුවෙන් සිය සතුට ප්‍රකාශ කරද්දි ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට කෙසෙල් ගෙඩි ප්‍රහාරයක් සමඟ ප්ලාසිටික් කෝප්පවලින් ද පහර දි ඇත.මේ සම්බන්ධයෙන් බ්‍රසීල පාපන්දු ප්‍රධානීන් සැය නොසතුට සහ විරෝධය පළ කරන අතරේම ප්‍රකාශ කර ඇත්තේ සෑම මොහොතක තමන් වර්ගවාදයට විරුද්ධව කටයුතු කරන බවයි.බ්‍රසීලයේ පාපන්දුව තරු ලකුණක් කරන්නට කටයුතු කළ කළු ජාතිකයන්ද එහිදි ඔවුන් මහත් ප්‍රශංෂාවෙන් සිහියට නඟා ඇත.
කෙසේ වුව වර්ගාවදීන්ගේ පීඩනය සහ බලපෑඹ මත බ්‍රසීලය සුිය සුපිරි ක්‍රීඩා රටාව වඩා විශිෂ්ඨ අවසානයක් කරා ගෙන යමින් තරගය ගෝල 5-1 ක් ලෙස නිමා කරමින් ජයග්‍රහණය තමන් සතු කර ගත්තේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...