ජනනිට හොඳම කාලය සමඟ ලෝකයෙන්ම 12 වන තැන

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ලාබාලතම නියෝජනය වන ජනනි ධනංජනා වික්‍රමසිංහ සිය මූලික තරගයේදී සිව්වැන්නිය ලෙස තරගය නිමා කළාය.ඇය එහිදී වාර්තා කරන ලද කාලය වූ තත්පර 12.88 ජනනි මේ දක්වා මීටර් 100 ක් දිවීමට වාර්තා කරන ලද හොඳම කාලය ද වන්නේය.

මූලික තරග තුනක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 ක් මේ සඳහා ඉදිරිපත් වීමට නියමිතව තිබිණ.ඉන් 21 දෙනෙක්ම තරගය නිසා කළ ක්‍රීඩිකාවෝ වූහ.ඒ අතරින් අවසාන තරගය සඳහා දායක වන්නට ජනනි සුදුසුකම් නොලද වුව ද,තරගය නිමා කළ 21 දෙනා අතර ඇය 12 වැන්නිය වන්නට සමත් වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...