ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නිර්මාණය කළ ව්‍යාපාරික ජලයත් පීරිස් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතාපදානය අළලා නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.

දෙස් විදෙස් නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් නිර්මාණය කිරීමට යන මෙම චිත්‍රපටයට බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිපදෙනෙකු ද එක්කර ගැනීමට සැලසුම් කෙරෙන බවත් සඳහන්.

එසේම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම චිත්‍රපටය Netflix හරහා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ සඳහා ඔහු රාජපක්ෂ පවුලේ අනුමැතිය මේ වනවිටත් ලබාගෙන ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැයකිරීමට ද නියමිත බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...