ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නිර්මාණය කළ ව්‍යාපාරික ජලයත් පීරිස් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතාපදානය අළලා නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.
දෙස් විදෙස් නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් නිර්මාණය කිරීමට යන මෙම චිත්‍රපටයට බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිපදෙනෙකු ද එක්කර ගැනීමට සැලසුම් කෙරෙන බවත් සඳහන්.
එසේම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම චිත්‍රපටය Netflix හරහා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.
මේ සඳහා ඔහු රාජපක්ෂ පවුලේ අනුමැතිය මේ වනවිටත් ලබාගෙන ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැයකිරීමට ද නියමිත බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


