ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම මෝසම අද (29) මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලද අතර එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත්ය.

එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මෙය අපරාධ නඩුවක් බවයි.

විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාලවේලාව ලබාදෙන ලෙස ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලවකට කල්තබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...