ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොණුව තිබෙන එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
උක්ත නඩුකර ද්විත්වයටම අදාළව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එන ලදී.
‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලැබූ නඩුවේ නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබීය.


