නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොණුව තිබෙන එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

උක්ත නඩුකර ද්විත්වයටම අදාළව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එන ලදී.

‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලැබූ නඩුවේ නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...