දෙණියායේ නාය යෑමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙණියාය මූලික රෝහල ආසන්නයේ අද (29) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දෙණියාය විහාරහේන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත. උදෑසන සිදු වූ මෙම නායයෑම හේතුවෙන් මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කොටපොළ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණ ද තවදුරටත් පස් කඳු නායයෑමේ අවදානමක් නිරීක්ෂණය වීම හේතුවෙන් එම කටයුතු තාවකාලික ව නතර කර තිබෙන බවත්, අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවුල් 04ක පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ආපදා කළමණාකරණ නිලධාරීන් දැනුම් දී ඇත්තේ මේ හේතුවෙන් දෙණියාය – විහාරහේන මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග සඳහා යොමු වන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...