අද පැවති ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20 ක් පමණි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කරමින් නව පරිපාලනයකට ඉඩ සැකසීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එකඟතාවයන්ට අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් හරහා නිලවරණය පවත්වන්නට යෙදිණ.
සටහන – නිෂ්මං රණසිංහ
