කාලිග සහ අරුණත් අවසන් තරගයට

Date:

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 මූලික තරගවල දක්ෂතා අනුව කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අවසන් තරගයට සුදුස්සෝ වූහ.

කාලිංග සිය මූලික තරගය තත්පර 45.57 න් නිමා කර එහි පළමුවැන්නා වෙමින් අවසන් තරගයට සෘජුවම සුදුස්සෙකු විය.

අරුණ දර්ශන තෙවන මූලික තරගයේ තෙවැන්නා විය.එහෙත් ඔහු ගත කළ කාලය වූ තත්පර 46.03 සමස්ථ දක්ෂතා අතර අටවන තැන තිබුණ බැවින් ඔහුටද අවසාන තරගයේ මං තීරුවක් වෙන් කර ගැනීමේ භාග්‍යය උදා විය.

අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතරින් කාලිංග සම කාලයක් වාර්තා කරමින් කේ.සාටෝ සමඟ සමතැන් ගෙන සිටියි.

හොඳම කාලය වාර්තා කර ඇත්තේ එෆ්.සාටෝ ය.ඔහුගේ කාලය තත්පර 45.56 ක් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...