කාලිග සහ අරුණත් අවසන් තරගයට

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 මූලික තරගවල දක්ෂතා අනුව කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අවසන් තරගයට සුදුස්සෝ වූහ.

කාලිංග සිය මූලික තරගය තත්පර 45.57 න් නිමා කර එහි පළමුවැන්නා වෙමින් අවසන් තරගයට සෘජුවම සුදුස්සෙකු විය.

අරුණ දර්ශන තෙවන මූලික තරගයේ තෙවැන්නා විය.එහෙත් ඔහු ගත කළ කාලය වූ තත්පර 46.03 සමස්ථ දක්ෂතා අතර අටවන තැන තිබුණ බැවින් ඔහුටද අවසාන තරගයේ මං තීරුවක් වෙන් කර ගැනීමේ භාග්‍යය උදා විය.

අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතරින් කාලිංග සම කාලයක් වාර්තා කරමින් කේ.සාටෝ සමඟ සමතැන් ගෙන සිටියි.

හොඳම කාලය වාර්තා කර ඇත්තේ එෆ්.සාටෝ ය.ඔහුගේ කාලය තත්පර 45.56 ක් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...