පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශෙෂ මහාධිකරණය හමුවේ විභාග කෙරිණි.
එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අද දිනයේදී අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ආරක්ෂා තර කිරීමට ද කටයුතු කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විශෙෂ මහාධිකරණය හමුවේ විභාග කෙරිණි.
එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අද දිනයේදී අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ආරක්ෂා තර කිරීමට ද කටයුතු කර ඇත.
මෙම නඩුවට අදාළ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු බලා), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්සියාර්), යාසින් බාවා අබ්දුල් රාවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර් ඩීන් හිල්මි, මොහොමඩ් අක්‍රම් අහක්කම් යන 25 දෙනා නම්කර තිබුණු අතර යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර මියගොස් තිබිණි.


