හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22:
යේමනයේ හූති සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා සෞදි අරාබියට “ආරක්ෂක” හමුදා සහාය ලබාදීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය දා සෞදි අරාබිය විසින් හූති ප්‍රහාර මැඩපැවැත්වීමට හමුදා සහාය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව, බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇති අතර, රාජකීය ගුවන් හමුදාවේ (RAF) Voyager ගුවන් යානයක් මගින් සෞදි ප්‍රහාරක යානා සඳහා ගුවනේදී ඉන්ධන සැපයීම මෙම සහායට ඇතුළත් වේ.

බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ මෙම සහාය සෞදි ගුවන් යානාවලට හූතිවරුන් එල්ල කරන මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට උපකාර වන බවයි.

මෙම හමුදා සහාය කාලසීමාවකට යටත් වන අතර, මුලින් සති කිහිපයකට පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කරයි. තත්ත්වය අනුව එය නැවත සලකා බැලීමටද නියමිතය.

මේ අතර, යේමනයේ හූතිවරුන් විසින් මෑත දිනවල සෞදි අගනුවර වන රියාද් සහ රතු මුහුද ආශ්‍රිත බලශක්ති පහසුකම් වෙත ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ, මෙම පියවර මගින් බ්‍රිතාන්‍යයේ සහ කලාපයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමත්, කලාපයේ වැදගත් වෙළෙඳ හා බලශක්ති මාර්ග විවෘතව පවත්වා ගැනීමත් අරමුණු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...