දැරියකට අතවර කල අයෙකු සැකපිට අත්අඩංගුවට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 68 හැවිරිදි වියේ පසු වන පුද්ගලයකු විසින් අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළ පුවතක් වාර්තාවේ.
මොහු මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු වන අතර, මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එක් දරු පියෙකි. මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක් බවද වාර්තා වේ.

බාල වයස්කාර දැරියගේ මව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර පුද්ගලයා අසල්වැසි නිවසක පදිංචිව සිටින දැරියගේ නිවසට පැමිණ මෙම දැරියට ලිංගික අතවර සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරියවෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යන බවට වැඩි දුර තොරතුරු වාර්තා වේ.

කුරුණෑගල කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත , පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යන බව පොලිසිය කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...