සංවිධානාත්මක අපරාධකරුවකු STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ.

ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත. සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වී තිබෙන බව සඳහන් වේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ද මාමා වන අතර, වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව වැඩිදුරටත් වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...