කොළඹ උද්ධමනය පහළට !

0
264

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසයේදී සෘණ 0.5% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 අගෝස්තු මාසයේදී මෙම අගය පැවතියේ 0.5%ක් වශයෙනි.

මෙහිදී 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් වශයෙන් පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සැප්තැම්බර් මාසයේදී සෘණ 0.3%ක් දක්වා අඩුවී තිබේ.

එසේම 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් වශයෙන් පැවති ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සැප්තැම්බර් මාසයේදී සෘණ 0.5%ක් දක්වා අඩුවී තිබේ.