*
Friday, May 10, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම (අශෝක ජයතුංග විසිනි)

? ජනතාවට තව බර පටවන්න බෑ – රනිල් IMF ආරවුල….??

? රනිල් ගේ පිටරට යන රුදාව……??

?රනිල්ගෙ බර්ලින් කතා….??

?ආශු ගේ සුදුහුණු ගෑම….??

?ශ්‍රී ලංකා – ඇමෙරිකා සබඳතාවට 75 යි වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ දැවැන්ත සැමරුමක්.

?නීපා …නීපා….කෙහෙළියගේ අලුත්ම වැයුම….??

?නවීන්ගෙන් හයේ පහර හයක්….??

?මනුෂගේ ද රයිට් අයි….??

          රනිල්ගේ රට යන රුදාව නම් අසනීපයට බෙහෙත් නැත. ඇමෙරිකා ගොස්  ආ පයින්ම දැන් ජර්මනියේය. වෙනදා තනියම යන ඔහු දැන් යන්නේ නඩ පිටිනි. මහාචාර්ය ආශු මාරසිංහ මේ අසනීපය ගැන කතා කර තිබිණ.

       “ජනාධිපති විනෝදෙට රට යන්නෙ නෑ. එජා සමුළුවට රටේ නායකයා යා යුතුමයි. කියුබා ජර්මන් ගමනුත් ප්‍රධාන දේශන වලට ලැබුණු ආරාධනායි. චීනය සංවිධානය කල G77 සමුළුවට කියුබා ගිහින් ඊළඟට ඇමෙරිකා යාමෙන්ම එතුමා කාටත් ගැති නැති බව ඔප්පු කලා. යන හැමතැනදි ම ලොකු පිළිගැනීමක් ලැබීමත් රටට ගෞරවයක්. ජර්මන් ආරාධනාවකුත් ආ නිසා ගියා. සමහරු කුහක සිතින් වැරදි විග්‍රහ දෙනවා” මහාචාර්ය ආශු ලොක්කාට හොඳ බටර් පාරක් දැම්මේ සත්‍යයට වඩාත් ලංවෙමිනි.

       “මේ ගමන් වලින් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන කවුරුත් කතා කරන්නෙ නෑ” ආශු තවදුරටත් කීය.

      ජනපති හා IMF අතර තීරණාත්මක හමුවක් පසුගියදා තිබිණ.

    “රටේ ආදායම් තව වැඩි කරගන්න. තව බදු හෝ ජනතාවට බර පටවන්න වෙනවා” ඔවුහු කීහ.

       “ඒ දෙකම කරන්න බෑ. ජනතාවට ඔය කරුණු දෙකම ඕනවටත් වටා මිනිස්සු පිට දාලයි තියෙන්නේ. රනිල් කීය. තීන්දුවකින් තොරව කකාබහ ඉවර වූයේ එහෙයිනි.

          රජයේ ආදායම අඩුවීමට බලපාන සෙසු කරුණු පෙන්වාදුන් ජනපති ඒවා නිවැරදි කරන බව හා ෂෙහාන් සේමසිංහ හා පිරිසක් වොෂින්ටන් එවලා IMF ගැන තීන්දු ගනිමු යයි ද ඔහු කීවේය.

       අනතුරුව රනිල් ෂැංග්‍රිලා ගියේ මනුෂ ගේ “ද රයිට් අයි” නම් කෘතියේ දොරට වැඩීමටය. මාධ්‍යකරුවෙකු ලෙස ලියා තිබූ එය ඉංග්‍රිසි නමක් සහිත සිංහල පොතක් ලෙස නව සම්ප්‍රදායකින් එළිදැක තිබිණ.  

               “කම්කරු නීති ගැන ලොක්කා හොඳ ටියුෂන් එකක් දුන්නා” මනුෂ කීවේ උත්සයයෙන් පසුවය.

        හංවැල්ලට ජනපති ගියේ චීනයෙන් දරුවන් 12,000 කට පාසල් පොත් හා ඇඳුම් දෙන උත්සවයටය.

      “රජයයි ගෙදරින් ටියුෂන් වලටයි දෙපැත්තකින් සල්ලි වැය කරන එකට විසදුම් දෙන්න ඕන. වෘත්තීය පුහුණුවට දියුණු රටවල වගේ පාසල් අරින්න ඕනෑ” ජනපති කීය.

     “අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අයවැයෙන් වැඩි මුදලක් දානවා” යයි අයවැය රහසක් ද එළියට පැන්නේ එහිදී ය. කැබිනට් රැස්වීමට ලබන අයවැය ගැන විසර්ජන පනත ඉදිරිපත් කෙරුණ අතර IMF කතාබහ ගැන ද ජනපති කතා කළේය. විදෙස් සංචාර වලදී ඔහු කළ කතා ගැන ඇමතිවරු ප්‍රසංශා කළහ.

        “සමාජ මාධ්‍ය මර්දනය කරනවා කියන එක බොරු. මෙටා සමාගමේ ප්‍රධානියාට මේ ගැන පැහැදිලි කලා. ජනතා අයිතීන් රකිනවා.ඩබොරු හා මඩ ගහන අයට ඉඩදීල රටකට යන්න බෑ. කාන්තාවන් දරුවනුත් සමාජ මාධ්‍ය වලින් රැක ගන්න ඕන” ජනපති කීය.

         රනිල් ජර්මන් ගියේ අනතුරුවය. ඒ බර්ලින් ගෝලීය සංසදයේ දේශනයට ය. එරට චාන්සලර් හා රාජ්‍ය නායකයන් ඇමතිවරුන් හමුවී ලංකාවට යමක් ලබා ගැනීමට ඔහු වෙහෙස විය. ආරක්ෂක සමුළුවකට ඇමෙරිකා ගිය සාගල එන අතරේ බර්ලින් වලදී ජනපති හා එකතු විය.

     “චීනයේ සාර්ථකත්වය මත ආසියාව රඳා සිටීවි. ඔවුන් වැටුණොත් අපිත් වැටෙනවා. ඇමෙරිකාව යුරෝපා සංගමය චීනය එක්ක කතා කළ යුතුයි” රනිල් ගේ බර්ලින් කතා එසේ විය.

       කෙහෙළිය නැතිව තවමත් පුවත් මැවෙන්නේ නැති තරම්ය. ඔහුට ඉවත්වන ලෙස කී බවත් රමේෂ් පතිරණ එම ඇමතිකම එපා කී බවටත් අනුර යාපාට දෙන්න යන බවත් පොහොට්ටුවෙන් ඊට බාල්දි පෙරලූ බවටත් ගොසිප් පැතිරිණ.

      එහෙත් කෙහෙළිය හා පිරිස දැන් නීපා වසංගතයට මුහුණ දීමට පවා පෙර සූදානම්න් ක්‍රියා කිරීම හා ජනතාව දැනුවත් කිරීම අරඔා තිබේ.

     ආණ්ඩුකාර නවීන් ක්‍රිකට් දෙබරයට ගල් වරුසාවක් එල්ල කළේය.

       “මගේ පියා හදපු ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැන් දුවන්නෙ සූදු සමාගමක සල්ලි වලින්. ආසියානු වගේම අපේ ක්‍රිකටුත් උඩ ඉඳල  සුද්ද කරන්න ඕනෑ” නවීන් කීවේ වැදෙන තැනකට වැදියාන් යන පදනමේ පිහිටාය.

        ශ්‍රී ලංකා – ඇමෙරිකා මිත්‍රත්වයට වසර 75 ක් පිරීම ගැන වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ ඇමෙරිකාවේ ප්‍රබලම පිරිස් කැඳවා ගාම්භීර උත්සවයක් පැවැත්වීමට මහින්ද සමරසිංහ හා එම නඩය ක්‍රියා කරමින් තිබිණ.

අශෝක ජයතුංග (ඇමරිකාවේ වොෂිංටන් නුවර සිට)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan