සමනලවැව ජලාශයේ කාන්දුව වහා පිළිසකර කරන ලෙස ඉංජිනේරුවරුන්ගෙන් මැසිවිලි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): දිවයිනේ ප්‍රධාන ජල විදුලි ප්‍රභවයක් වන සමනලවැව ජලාශයේ වාර්ෂිකව ඝන මීටර් මිලියන 78ක දැවැන්ත ජල පරිමාවක ජල කාන්දුවීම් නැවැත්වීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) දැඩි ඉල්ලීමක් කර තිබේ.

විස්මිත හෙළිදරව්වක් කරමින් ඔවුන් කියා සිටියේ කාන්දුව නිසා ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් බිලියන 2.7 ක පාඩුවක් සිදුවන බවයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ කඩිනම් පියවරක් ගන්නා ලෙසත් සමනලවැව ජලාශයේ කාන්දුවීම් නැවැත්වීමට නිවැරදි ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන ලෙසත්ය.

වලවේ ගංගාවේ පහළ ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවන් දැන් නිරන්තර තර්ජනවලට ලක්ව සිටින බැවින්, ජලාශයේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය(IESL) අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය(IESL) විසින් මෙම ජලාශය පිහිටා ඇත්තේ බිඳෙනසුලු පාෂාණ සහිත ප්‍රදේශයක වන අතර, 1992 ට පෙර සහ පසුව විශේෂිත ඉංජිනේරු විසඳුම් ක්‍රියාත්මක කළද, පසුගිය දශක තුන පුරාවටම ජලාශයෙන් ජලය කාන්දු වෙමින් පවතී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය(IESL) ද සඳහන් කළේ විදුලිබල මණ්ඩලය දැනටමත් කාන්දුවීම් සිදුවිය හැකි මාර්ග සිතියම්ගත කර ඇති බවයි.

“දැන් දන්නා සහ පෙනෙන කාන්දුවීම් මාර්ග වසා දැමීමට හදිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ජලාශයේ ජල මට්ටම තවමත් ඉතා අඩු මට්ටමක පවතින අතර විද්‍යාත්මකව ඔප්පු කර ඇති සහ දැන් පෙනෙන කාන්දුවීම් මාර්ග වසා දැමීමට වසර 30 කට පසු පළමු අවස්ථාව මෙය බවද පවසයි”

ඉංජිනේරු, භූ විද්‍යාව, වාරිමාර්ග සහ විදුලි බලය පිළිබඳ විශේෂඥයින් නිගමනය කර ඇත්තේ ජලාශය දිගු කාලීනව ආරක්ෂිත කිරීම මූලික අරමුණ බවයි.

වසර ගණනාවක කාන්දුවීම් හේතුවෙන් ජලාශයේ දකුණු ඉවුර කැඩීම ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ ව්‍යසනයකට තුඩු දෙනු ඇතැයි ද ඔවුහු කියා සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...