*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ලෝක බැංකුව ඩොලර් මිලියන 850ක් දෙන්න කැමතියි – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සති කිහිපය තුළදී යම් එකඟතාවලට පැමිණීමෙන් පසු IMF දෙවෙනි වාර්කය ලබාගැනීමට හැකි වන බවත්, IMF දූත පිරිස නැවත වොෂිංටන් නුවරට ගොස් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයත් සමග දැනට ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු දෙපාර්ශ්වය එකඟතාවලට පැමිණිය යුතු බවත් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ ප්ළිබඳ විස්තර කළ ශෙහාන් සේමසිංහ මහතා,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට එකඟතාවයන් කිහිපයකට එන්නට තියෙනවා. අපි හිතනවා ඉදිරි සති කිහිපය තුළදී අපිට ඒ එකඟතාවලට පැමිණෙන්නට පුළුවන් වේවි කියා. මොකද ඒ පැමිණි දූත පිරිස නැවත වොෂිංටන් නුවරට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයත් සමග අපි දැනට අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කරලා.. ඒ එකඟතාවලට දෙපාර්ශ්වය පැමිණිය යුතුයි.

එහෙම වුණාම එතනින් එහාට අපිට දෙවෙනි වාරිකය ලබාගැනීමට පුළුවන් වාතාවරණයක් එනවා. දෙවෙනි වාරිකය ලබාගත්තා කියන්නේ අපේ ගැටලුවලට විසඳුමක් නෙමෙයි.

අපිට බදු එකතුකරන්න වෙනවා. බදු එකතු කිරීමේ ජාලය පුළුල් කරන්න වෙනවා. මේ ජාලය පුළුල් නොවීම අද මේ කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණිය නොහැකිවීමට බලපාපු එක කාරණයක්.

බදු ගෙවන අය අද බදු ප්‍රමාණය වැඩියෙන් ගෙවනවා. ඒ අය අහනවා ඇයි අපි විතරක් ගෙවන්නේ… ඇයි අනෙක් අය ගෙවන්නේ නැත්තේ කියලා. ඒක සධාරණ ප්‍රශ්නයක්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කඩිනමින් ඔවුන් භාවිත කරන මෘදුකාංගය… අපි ඒක යාවත්කාලීන කරන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්ම කරගෙන යනවා. අපි හිතනවා සති කිහිපයක් යද්දි ඒ අලුත් කරපු සිස්ටම් එක භාවිත කරන්න පුළුවන් වේවි. බදු ගෙවන පුද්ගලයාත් බදු පරිපාලකයත් අතර හමුවීමක් ඇති නොවෙන සිස්ටම් එකක් අවශ්‍යයි. එය නොවන තෙක් මේ බදු ගෙවීම පැහැර හැරීම අපිට නවත්නන් බැහැ.

ලෝක බැංකුව මේ වෙනකොට මේ අවුරුද්ද වෙද්දි ඩොලර් මිලියන 850ක් අපිට ලබාදෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා.

ඒ ඩොලර් මිලියන 850න් ඩොලර් මිලියන 250ක් අපිට දැනටමත් ලැබුණා. එක ලැබෙන්නේ අයවැය සඳහා සහයෝගයක් ලෙස. තව ඩොලර් මිලියන 250ක් ලැබීමට නියමිතයි. එතකොට මේ කියන අස්වැසුම සහ සමාජ ආරක්ෂණ ජාලයට අමතර ඩොලර් මිලියන 200ක් දෙනවා. ඒ වගේම මේ රටේ මුල්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න තවත් ඩොලර් මිලිය 150ක් දෙනවා.

සම්පූර්ණ වශයෙන් ඩොලර් මිලියන 850ක සහයෝගය දෙන්න එකඟතාවය පළකරලා තියෙනවා.”

අද (30) අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan