VFS ගණුදෙනුව ගැන විගණනයක් ඇරඹෙයි – හිටපු කණ්ඩායමට වැඩ වරදියිද?

Date:

කොළඹ LNW:පසුගිය ආණ්ඩු සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් VFS වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීමට කටයුතු කර තිබෙන බව විෂය භාර වත්මන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

VFS වීසා ගනුදෙනුවට අදාළ අධිඅක්රන තීන්දුව අනුව යමින් එම ක්‍රමවේදය නවතා නැවත පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

”VFS වීසා ගනුදෙනුව ගැන උසාවි තීන්දුවක් ආවා. ඒ තීන්දුව අනුව VFS ක්‍රමවේදය නතර කරන්න තමයි තිබුණේ. ඊට අමතරව පරණ ක්‍රමයට යළි යන්න කියල. ඒ අනුව පහුගිය අමාත්‍යාංශයට හැකියාව තිබුණා පරණ ක්‍රමය ක්‍රියාත්මක කරන්න. නමුත් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම ඇමතිවරයා විදිහට වැඩභාර ගත්තට පස්සේ පැය කිහිපයක් ඇතුළත ඒ ක්‍රියාමාර්ගයට ගියා. ඒ අනුව පරණ ක්‍රමය නැවත ක්‍රියාත්මක වුණා. දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ වීසා ලබා දීම ආරම්භ වෙලා තියෙනවා. ඒ පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වන්න දැනටමත් පියවර අරගෙන තියෙනවා. මේ වෙනකොටත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. එය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...