VFS ගණුදෙනුව ගැන විගණනයක් ඇරඹෙයි – හිටපු කණ්ඩායමට වැඩ වරදියිද?

Date:

කොළඹ LNW:පසුගිය ආණ්ඩු සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් VFS වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීමට කටයුතු කර තිබෙන බව විෂය භාර වත්මන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

VFS වීසා ගනුදෙනුවට අදාළ අධිඅක්රන තීන්දුව අනුව යමින් එම ක්‍රමවේදය නවතා නැවත පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

”VFS වීසා ගනුදෙනුව ගැන උසාවි තීන්දුවක් ආවා. ඒ තීන්දුව අනුව VFS ක්‍රමවේදය නතර කරන්න තමයි තිබුණේ. ඊට අමතරව පරණ ක්‍රමයට යළි යන්න කියල. ඒ අනුව පහුගිය අමාත්‍යාංශයට හැකියාව තිබුණා පරණ ක්‍රමය ක්‍රියාත්මක කරන්න. නමුත් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම ඇමතිවරයා විදිහට වැඩභාර ගත්තට පස්සේ පැය කිහිපයක් ඇතුළත ඒ ක්‍රියාමාර්ගයට ගියා. ඒ අනුව පරණ ක්‍රමය නැවත ක්‍රියාත්මක වුණා. දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ වීසා ලබා දීම ආරම්භ වෙලා තියෙනවා. ඒ පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වන්න දැනටමත් පියවර අරගෙන තියෙනවා. මේ වෙනකොටත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. එය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...