මධ්‍යම ආසියාවේ 20 න් පහළ වොලිබෝල් සූරයන් තේරීම ශ්‍රී ලංකාවේ දී – නැරඹීම නොමිලේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 01, (LNW) කොළඹ :

උස්බෙකිස්තානය,නේපාලය,කිරිකිස්තානය,ටර්කමස්තානය,මාල දිවයින සහ ශ්‍රී ලංකාව සහභාගි වන අවුරුදු 20 න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය ඔක්තෝම්බර් 6 වන දා සිට 12 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දි පැවත්වීමට නියමිතව තිබෙනවා.මධයම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව සංවිධානය වන මෙම තරගාවලියේ සමාරමභය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ.මහේෂන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙනවා.සමාප්ත සමාචාර උත්සවය සමඟ තිළින ප්‍රදානයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ අග්‍රාමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය හරිනි අමරසූරිය යි.


තරගාවලියේ පළමු,දෙවන සහ ස්ථාන දිනා ගන්නා කණ්ඩායම්වලට කුසලාන පිරිනැමීමට කටයුතු කර තිබෙන අතර එම කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට රන්,රිදි සහ ලෝකඩ පදක්කම් පිරිනැමිමටද කටයුතු සකසා තිබෙනවා.ඊට අමතරව ක්‍රීඩක පෞද්ගලික දක්ෂතා අගයමින් කුසලාන පිරිනැමීමටද සූදානම් කර තිබෙනවා.
මධයම ආසිාවේ වොලිබෝල් අනාගතය දැක ගැනීම සඳහා අවසාන තරගයේ සජීවී විකාශයක් සිඳු කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලන ලේකම් ඒ.එස්.නාලක පවසනවා.එසේම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ අනාගත දක්ෂයන් දිරි ගන්වන්නට නොමිලේ තරග නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇති බව ද ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම්වරයා ද වන නාලක පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...