ඉන්ධන මිල වැඩි කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවන අතර, එය රුපියල් 475ක් වශයෙන්ම පවතී.

සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර , එහි නව මිල රුපියල් 392ක් වේ.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති එහි මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් ඇත.

භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදු නොකර ඇති අතර, එය ද රුපියල් 285ක් වශයෙන් පැවති මිල යටතේම පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...