නීපා ගැන බියවන්න එපා ! වසංගත රෝග විද්‍යා අංශය කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ, නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බවයි. එසේම, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි.

පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක බවයි.

එම නිසා, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ, මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය නොවන බවත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...