*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ළමා දිනය වෙනුවෙන් ඩීපී කෝඩින් වෙතින් තරගාවලියක් ! ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක තෑගි !

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල මඟින්, 2023 ළමා දිනය නිමිත්තෙන් ලංකාව පුරා විසිරී සිටින කෝඩින් හපනුන්ට සිය දක්ෂතා ඉදිරිපත් කළ හැකි කෝඩින් තරඟාවලියක් සංවිධානය කර තිබේ.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.


පළමු අංශය – code.org හරහා

  • App Lab හරහා නිර්මාණය කරන හොඳම App නිර්මාණයට වටිනා ටැබ් පරිගණයක්ද
  • Game Lab හරහා නිර්මාණය කරන හොඳම Game නිර්මාණයට වටිනා ටැබ් පරිගණයක්ද හිමිවේ.

දෙවන අංශය

  • Thunkable හරහා නිර්මාණය කරන හොඳම ව්‍යාපෘතියට වටිනා ටැබ් පරිගණයක්ද
  • Microbit හරහා නිර්මාණය කරන හොඳම ව්‍යාපෘතියට වටිනා ටැබ් පරිගණයක්ද
  • Pictoblox හරහා නිර්මාණය කරන හොඳම ව්‍යාපෘතියට වටිනා ටැබ් පරිගණයක්ද
  • Glitch හරහා නිර්මාණය කරන හොඳම ව්‍යාපෘතියට වටිනා ටැබ් පරිගණයක්ද බැගින් තෑගි වශයෙන් හිමිවේ.

තරඟයේ නිර්මාණ භාරගැනීම 2023 ඔක්තෝම්බර් මස 1 වනදා උදෑසන 9.00 ට ආරම්භ වන අතර එය 2023 ඔක්තෝම්බර් මස 4 වනදා රාත්‍රී 11.59 ට අවසන් වේ.

පළමු අංශය : ඩීපී එඩියුකේෂන් කෝඩින් පාඨමාලාවේ ව්‍යාපෘති 1 සිට 100 දක්වා අධ්‍යයනය කරමින් සිටින සිසුන්.
දෙවන අංශය : ඩීපී එඩියුකේෂන් කෝඩින් පාඨමාලාවේ ව්‍යාපෘති 101 සිට ඉහළට ආවරණය කර ඇති සිසුන්.

පළමු අංශයට අදාල නිර්මාණ code.org වෙබ් අඩවියේ App Lab හෝ Game Lab භාවිතයෙන් යෙදවුමක් නිර්මාණය කර ඉදිරිපත් කළ යුතුයි.

දෙවන අංශයට අදාල නිර්මාණ Thunkable, Microbit, Pictoblox හෝ HTML ඕනෑම අතුරු මුහුණතක් භාවිතයෙන් නිර්මාණ‍ය කර ඉදිරිපත් කළ යුතුයි.

පළමු අංශයේ App Lab භාවිතයෙන් ඉදිරිපත් කළ හැකි නිර්මාණ:

1.1 අධ්‍යාපනික යෙදුම Educational App: සිසුන්ට නිශ්චිත විෂයයක් හෝ මාතෘකාවක් විනෝදජනක හා ආකර්ෂණීය ආකාරයෙන් ඉගෙන ගැනීමට උපකාර වන අන්තර් ක්‍රියාකාරී අධ්‍යාපනික යෙදුමක් සංවර්ධනය කරන්න. Develop an interactive educational app that helps students to learn a specific subject or topic in a fun and engaging way.
1.2 භාෂා ඉගෙනුම් සහකාර Language Learning Assistant: පරිශීලකයින්ට ඔවුන්ගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට උපකාර කිරීම සඳහා පාඩම්, වාග් මාලා අභ්‍යාස සහ අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නාවලිය ලබා දෙන භාෂා ඉගෙනුම් යෙදුමක් සාදන්න. Build a language learning app that offers lessons, vocabulary exercises, and interactive quizzes to help users improve their language skills.
1.3 සංචාරක සහකරු Travel Companion: ජනප්‍රිය ගමනාන්ත, දේශීය ආකර්ෂණ ස්ථාන, සංචාරක ගමන් මාර්ග සහ කෑම සහ නවාතැන් සඳහා නිර්දේශ පිළිබඳ තොරතුරු පරිශීලකයින්ට සපයන සංචාරක යෙදුමක් සාදන්න. Create a travel app that provides users with information about popular destinations, local attractions, travel itineraries, and recommendations for dining and accommodations.

පළමු අංශයේ Game Lab භාවිතයෙන් ඉදිරිපත් කළ හැකි නිර්මාණ:

1.4 ප්‍රහේලිකා ක්‍රීඩාව Puzzle Game: මට්ටම් හරහා ඉදිරියට යාමට හෝ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රීඩකයින් සම්පූර්ණ කළ යුතු ප්‍රහේලිකා ක්‍රීඩාවක් සාදන්න. Create a puzzle game that players must complete to progress through levels or achieve objectives.
1.5 සමාකරණ ක්‍රීඩාව Simulation Game: ගොවිපලක් ක්‍රියාත්මක කිරීම, හෝ නගරයක් පාලනය කිරීම වැනි සැබෑ ලෝකයේ අවස්ථා අත්විඳීමට සහ කළමනාකරණය කිරීමට ක්‍රීඩකයින්ට ඉඩ සලසන සමාකරණ ක්‍රීඩාවක් සාදන්න. Build a simulation game that allows players to experience and manage real-world scenarios, such as operating a farm, or controlling a city.
1.6 ක්‍රීඩා Game Sports Game: පාපන්දු, පැසිපන්දු හෝ ටෙනිස් වැනි පරිගණක ක්‍රීඩාවක යෙදීමට ක්‍රීඩකයින්ට ඉඩ සලසන ක්‍රීඩා තේමා Game එකක් සාදන්න. Build a sports-themed game that allows players to participate in virtual versions of popular sports, such as Soccer, Basketball, or Tennis.

දෙවන අංශයෙන් ඉදිරිපත් කළ හැකි නිර්මාණ:

මෙම අංශය යටතේ ඩීපී එඩියුකේෂන් කෝඩින් පාඨමාලාවේ ව්‍යාපෘති අංක 101 සිට ඉහළට හඳුන්වා දී ඇති Thunkable, Microbit, PictoBlox, HTML ආදී ඕනෑම අතුරු මුහුණතක කළ නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://dpcode.lk/about/childrens-day

අමතන්න : 07721119

නිර්මාණ භාරගැනීම අද උදෑසන සිට ආරම්භ විය. මෙම ලින්ක් එක ඔස්සේ ඔබේ නිර්මාණය යොමු කරන්න:
https://forms.gle/66qCNt1gCrkw3s648

RN

කෝඩින් ඉගෙනීම ඔස්සේ අනාගත රැකියා අවස්ථා සඳහා මග විවර වීමට අමතරව එදිනෙදා අධ්‍යාපන කටයුතුවලදී ද ඔබේ දරුවාට අමතර වාසි රැසක් හිමිවේ. ඒ පිළිබඳ දැනගන්න පහත ලිපිය කියවන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan