පාඨලීගේ රිය අනතුර සම්භන්ධ නඩුව පෙබරවාරි මස 28ට කල් යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීම පාඨලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනාව මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවක්  පෙබරවාරි මස 28 වන දා තෙක් කල් තබා ඇත. ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර රණවක මහතා අධිකරණයේ පෙනී සිට ඇති අතර, ඔහු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු දක්වා ඇත.

නීතිඥවරයා පැවසුවේ මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවත්ය, නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව එය කල්තැබීම සිදුකෙරුණු බව පැවසේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...