නිශ්මං රණසිංහ ඔක්තෝබර් 02, කොළඹ LNW:
ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරග ආරම්භය අද සිදුවීමට නියමිතයි.ඒ පකිස්තානය සහ බංගලාදේශය අතරයි.මෙවර ලෝක කුසලානයේ සම සංවිධායකත්වය ශ්‍රී ලංකාවට ලැබෙන්නේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හිමිව ඇති විශ්වාසය නිසයි.එම විශ්වාසය රටක් විදිහට සමස්ත ජනතාව විසින් එක්ව ලබා දුන් ජයක් හැටියට හඳුන්වන්නට හැකියි.
අනවශ්‍යය දේශපාලන කැරලි ගැසීම් සහ ප්‍රහාර සිඳු නොවන රටක් හැටියට ජාත්‍යන්තරය හමුවේ ගබා ඇති විශ්වාසය රටක් හැටියට ලැබූ ජයයි.එසේම එම තත්ත්වය යටතේ සංවිධානයේ අවස්ථාව ලබා දීමෙන් ඉනික්බිති එය උපරිමයෙන් කරන බවට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නඟා තිබෙන විශ්වාසයයි.
මේ වෙලාවේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැදගත් භූමිකාවක් නිරූපනය කරන්නේය.බොහෝ කළාපීය රටවල් ඇත්තේ අභ්‍යන්තර විරසකවීම් අතර තැලෙමින් සහ දැවෙමින්ය.මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට බොහෝ වරප්‍රසාද සමඟ කළාපීය තරග සංවිධානයේ ප්‍රමුඛයා වන්නට හැකියාව ඇත.එහෙත් එවැනි කාරණයක් සිඳු කරන්නට වත්කමක් ඇති පරිපාලනයක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ක්‍රිකට්ය.වැඩ පිළිවෙලක්,සැළසුමක් සහ ව්‍යාප්තියක් පෙන්වන පරිපාලන ව්‍යහුයක් ඇති ක්‍රිකට් එක් අතකින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නට භූමියේ සිටම සංවර්ධනය කරමින් සිටින්නේය.එසේම ක්‍රීඩාවට අවශ්‍යය උපකරණ පරිත්‍යාග කරමින් සිටින්නේය.
කාන්තා ලෝක කුසලානය ඇරඹෙන්න පෙර ශ්‍රී ලංකාවේ අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් දැවන්ත ක්‍රිකට් සංස්කාතියක් ඇති ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තුළ සංවිධානය වූ තරගාවලියකින් විශිෂ්ඨ ජයක් අත් පත් කර ගත්තේය.කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම්වලට අභියෝගයක්ව ඇත.ඒ සියල්ල ඉහළින් පහළට ලැබෙන පහසුකම් සහ වරප්‍රසාද හේතුවෙන්ය.
එහෙත් අවාසනාව ජයග්‍රහණවල ගෞරවය වැඩි දෙනෙක් ක්‍රීඩකයන්ට පිරිනමන සහ පරාජයන් හී අගෞරවය සම්පූර්ණයෙන් පරිපාලනයට පටවන අපූරු විචාර කලාවක් නිර්මාණය වී ඇත.ඒවාට පිළිතුරු දීමට කාලය වැය නොකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් යන ගමණක අත්‍යවශ්‍යයම විවේචනයන් පවා සහ පරිපාලනයට විසදීය හැකි කාරණා පිළිබඳව පරිපාලනයේ අවධානය වැඩියෙන් යොමු කිරීමටනම්,ක්‍රිකට් සම්බන්ධ විවේචන ද තමන්ට රිසි නොවන පුද්ගලානුබද්ධ ප්‍රතිපත්ති සහ අතිශයින් තමන්ගේ දෘෂ්ඨියට විශ්වසනීය වන කාරණා වලින් බැහැරව ක්‍රිකට්මය වෙන තැනෙක ස්ථාපිත විය යුතුව ඇත.
ඒ නිසා මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දොර කාන්තා ලෝක කුසලානයේ සංවිධානයේ කොටසක් ලෙස විවරව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අත්පත් කර ගත් ජාත්‍යන්තර විශ්වාසයේ දිගුවක් හැටියටය.එහි ගෞරවය ශ්‍රී ලංකාවාසී සියල්ලටම උරමු කර දී ඇති විශ්වාසය ජයග්‍රහණයකින් කෙළවර කරන්නට චමරි අතපත්තු කී සේ ශ්‍රී ලංකාවේ තරගවලදීවත් ප්‍රේමදාස පිටිය පුරවන්න ලාංකේය පුරවැසියන්ට සහය විය හැකිය.
