ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් ??

Date:

ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තියේවි කියලා තමයි විපක්ෂයේ හැමෝම හිතාන ඉන්නේ. ඒ වුණාට ඒකටත් වංගුවක් ගැහෙන සීන් එකක් ගැන කසුකුසුවක් මේ දවස්වල පැතිරෙමින් යනවා.

ආරංචියේ හැටියට කතාව මෙහෙමයි,

රටේ ලොක්කා ඇමරිකාවෙ යන්න කලින් බැසිල් ලොක්කා එක්ක රහසිගත සාකච්ඡාවක් පැවැත්වුවා කියන එක තවදුරටත් රහසක් නෙවෙයිනෙ. එතනදී බැසිල් ලොක්කා සමීක්ෂණ වාර්තාවක් ගෙනත් රටේ ලොක්කාට පෙන්නලා ඡන්දයක් තිබ්බොත් එක පක්ෂයකටවත් දිනන්න බෑ කියලා පෙන්නලා ලු. ඔතනදී මහමැතිවරණයක් ගැනත් යෝජනාවක් එළියට ආවා කියලාත් සමහරු කියනවා. තව තව කතා තියෙනවා.

කොහොම වුණත් පොහොට්ටුවට සම්බන්ධ ඉහළ මට්ටමේ නීතීඥවරයෙක් පහුගිය දවසක පොහොට්ටුවේම කීපදෙනෙක් එක්ක සෙට් වෙච්චි වෙලාවක කියලා තියෙනවා ලු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගෙනාවොත් නම් ගොඩ කියලා. එහෙම යෝජනාවක් ගෙනාවොත් ටෙලිෆෝන් කට්ටියටවත් මාලිමා කට්ටියටවත් ඒකට විරුද්ධ වෙන්න ක්‍රමයක් නෑ කියලායි එයා කියලා තියෙන්නෙ. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව එහෙම යෝජනාවක් ජනමත විචාරණයකින් සම්මත කරගන්න පුළුවන් කියලාත් සුළු ජාතික පක්ෂ හැර අනිත් හැමෝම ඕකට සපෝට් කරාවි කියලාත් එයා කියලා ලු.

ඕකෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරපු ජනාධිපති හැටියට රනිල් ඉතිහාසගත වෙනවා වගේම අගමැති හැටියට ආයෙත් රට පාලනය කරන්න පුළුවන් වෙනවා කියලාත් නීතීඥවරයා කියලා. ඒ වගේම ජනමත විචාරණ ජයග්‍රහණයේ හයියත් එක්කම ලොකුම සන්ධානයක් හදලා මහමැතිවරණයකට ගියොත් රනිල්ටයි පොහොට්ටුවටයි ආයෙමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයි කියලාත් එතන කට්ටිය කතා වුණා ලු.

ඔය කතාව එච්චරම සීරියස් ගන්න පුළුවන්ද කියන කාරණය පැත්තකින් තිබ්බත් මේ දවස්වල ඔය කතාවේ එක එක වර්ෂන් දේශපාලන කරළියේ තැන් තැන්වල කතාබහට ලක්වෙලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි.

අනික ඉතින් රටේ ලොක්කා ලෝකෙ වටේ ඇවිදගෙන තමන්ගේ වැඩක් කරගෙන බොහොම කූල් එකේ ඉන්නේ නිකම්ම වෙන්න බෑ, ලොක්කා ළඟත් මොකක් නමුත් ලොකු ප්ලෑන් එකක් තියෙන පාටයි කියලාත් පොහොට්ටුවේ නාමල්ගේ සෙට් එකත් පහුගිය දවසක කතා වුණා ලු.

ලංකාවේ දේශපාලනය කියන්නේ කොහොමත් ගේම් පිට ගේම් තමයි. බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...