*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බුදු දහම සහ රජ දහම ….

ආඥාදායක පාලකයෙකුට හමුදාව යොදවලා බලය අල්ල ගන්ට පුළුවන් හැබැයි ඒ බලය අකන්ඩව පවත්වාගෙන යාමට නම් දෘෂ්ටිවාදයක් අවශ්‍ය වෙනවා. මෙතනදි පාලකයන් කරන්නේ යම් ආගමක් තමන්ට අවශ්‍ය පරිදි කපා කොටා අන්ද ඇදහිල්ලක් බවට පත්කර එය සමාජගත කොට තමන් එහි ඓතිහාසික ආරක්ෂකයා ලෙස පෙනී සිටීමයි..

යම් ආගමක් හෝ දර්ශනයක් ආඥ්ඥාදායක පාලකයෙකුගේ බල දේශපාලන මේවලමක් වීමෙන් ඉක්බිති මුල් දහමේ තිබු සාරය මියගොස් එතැන් සිට එය හිංසනයේ මේවලමක් බවට පත්වේ..

ඉතිහාසයේ විසූ සෑම අධිරාජ්‍යයෙක්ම ලොව වටා යටත් විජිත පිහිටුවමින් මිනිසුන් ඝාතනය කරමින් දික්විජෙයෙහි යෙදුනේ එක් පසෙක බිහිසුනු හමුදාවකුත් අනෙක් පසෙහි අගමක්ද රැගෙනය. බටහිර අධිරාජයන් බයිබලය රැගෙන ගියේය. මෝගල් අධිරාජයන් කුරාණයද අසෝක ත්‍රිපිටකයද රැගෙන ගියේය.

අසංඛෙයිය සමූල ඝාතන වල යෙදෙමින් ආසියාව දික්විජය කල අසෝකට ස්වකීය බලය පවත්වාගෙන යෑම සඳහා යටත් වැසියන් යම් මිත්‍යාමිතික හිරිවැට්ටවීමක තබාගැනිමට යම් ඇදහිල්ලක් අවශ්‍ය විය..
ඊළඟට එකී ඇදහිල්ලේ ආරක්ෂකයා ලෙස පෙනීසිටිමින් ජනතා සහය සහිතව දික් විජය පවත්වාගෙන යාමට ඔහුට අවශ්‍ය විය. (එසේ නොවන්නට මිනීමරු ආඥාදායකයෙකුට සාමයේ දහමක් කුමකටද ?)

අසෝක විසින් ළදරු සාමනේර නමක් ඔහුගේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ පරිනත භික්ෂුවක් ඔහුගේ බල දේශපාලන උපායට සරිලන පරිදි නම්මවා ගැනීමට නොහැකි හේතුවෙනි.. මෙය තවතවත් තහවුරු වෙන ඊළඟ ජවනිකාව නම් අසෝක විසින් කාල නැමති සෙනවියා යොදවා පොහොය කර්ම නොකලේ යැයි බොරු චෝදනා ගොනු කොට ජේශ්ඨ භික්ෂූන් පිරිසක් (රහතුන් යැයි කියවේ) ඝාතනය කිරීමයි..

පොහොය කර්ම කලේද නොකලේද යන්න සෙවීම ආගමික සංස්ථාපිතයන්ට අයත් කාරනාවකි. එය පාලකයෙකුට අදාල නැත. බොහෝ විට ඒ ඝාතනය වන්නට ඇත්තේ අසෝකගේ උවමනාවට අවශ්‍ය පරිදි බුදු දහම දේශපාලන මේවලමක් කිරීමට අකැමැති වූ බික්ෂූන් විය හැකිය..

මෙහිදී අසෝක පාර්ශවයේ සිටි ඉතිහාස කතෘ විසින් කාල සෙනවියා පිට වරද පටවා අසෝක ඉතිහාසයේ නිදොස්කොට නිදහස් කොට ඇත. එතැන් සිට අසෝක සමඟ ආසියාවේ හතර දිග්බාගයට යන්නේත් ලංකාවට එන්නේත් අසෝක බුද්ධාගම විනා සත්‍ය බුදු දහම නොවේ..

ගෞතම බුදුන්වහන්සේ සියළුම බෞතික සම්පත්, දේපොල, බලය අතහැර අභිනිශ්ක්‍රමනය කලද ලංකාව තුල රජ දවස තුල ඉඩකඩම් අමුණු ගනන් සහ දේපොල තිබී ඇත්තේ රදළයන් සතුව සහ පන්සල් සතුවය.
අදටත් පන්සල් සතුව රජවරු පැවරූ අක්කර සියගනන් ඉඩකඩම් ඇත..

ඒ අනුව බහුජනයාගේ හිතසුව පිනිස තැනතැන ඇවිද ගිය සරළ බික්ෂුව වෙනුවට දේපොල රසමසවුළු බුක්තිවිඳින රාජ්‍ය පාලනයේ හවුල්කාර පූජක පාර්ශවයක් මෙහි ස්තාපිතව ඇතිබව පෙනෙන්නට තිබේ..

බුදුන් වහන්සේ (බමුණු) කුළ පීඩනයට එරෙහිව අනවරත මතවාදී සටනක් කලේය..බුදුන් දෙසූ වසළ සුත්‍රයේ සඳහන් වන්නේ පුත්ගලයෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකුහෝ වන්නේ ක්‍රියාවෙන් මිස උප්පත්තියෙන් නොවන බවය. නමුත් ලංකාවට පැමිණි බුදුදහමේ ප්‍රභූන්ට මහනවීමට සියම් නිකාය නමින් උසස් නිකායක්ද ඒ ඒ කුළවර්ග වලට ඒ ඒ නිකායන්ද නිර්මාණය වී ඇති බව පෙනේ. වර්තමානයේ මහානායකවරු ලෙස සැලකෙන මල්වතු පාර්ශවය සහ අස්ගිරි පාර්ශවය යන දෙපාර්ශවයම සියම් නිකායට අයත්වේ.
බුදුන් ප්‍රතික්ෂේප කල විෂම නිකායවාදයන් උන්වහන්සේගේ සාසනයටම මෙසේ ඇතුල්වූයේ කෙසේද..
?

ගංගානම් නදියේ ජලය බෙදාගැනීම පිළිඹඳ ප්‍රශ්නයකදී ශාඛ්‍ය වංශය සහ කෝලිය වංශය අතර ඇවිලීමට ගිය යුද්ධය වලක්වාලූ බුදුන් වහන්සේ එහිදී දේශනා කලේ යුද්ධයේ පරාජිතයන්ම මිස කිසිදු ජයග්‍රහයෙකු නැති බවය. නමුත් ලංකා ඉතිහාසයේ දුටුගැමුණුගේ යුද්ධය තුල සංඝයාට අනුවද ජයග්‍රහයකයෙකු සිටියේය. ඒ දුටුගැමුණුය..

පාලකයන් හැම විටෙකම තමන්ගේ බල ලෝබී යුද්ධයන් සාධාරණීකරණය කරගත්තේ මාගේ ව්‍යායාමය ආගමේ චිරස්තිතිය උදේසා යැයි කියාගනිමිනි.

මෑතකදී මාවිල් ආරු ජලාශයේ ජලය අරබයා ඇවිළුන යුද්ධයේදී දකුණේ කිසිදු බික්ෂුවක් බුදුන් වදාලාසේ යුද්ධයේ පරාජිතයන්ම මිස කිසිදු ජයග්‍රහාකයෙකු නැතැයි කීවේ නැත. ඒ වෙනුවට ඔවුන් පිරිත් කියමින් දකුණේ හමුදාවට සෙත්පතමින් යුද්ධයට උඩ ගෙඩි දුන්නේය..

මිනිසුන් ඇතුන් ලවා පාගවා මරන, කුඩා දරුවන් වංගෙඩිවල දමා කොටවන රාජ්‍යයක නිල ආගම බවට බුදු දහම වැනි අවිහිංසාවාදී දහමක් පත්වූයේ කෙසේද..? පාලකයාගේ වරදාන පුදපූජා බාරගත්තා විනා බික්ෂුව විසින් රජුගේ කෲරත්වයන් විවේචනය නොකලේ මන්ද.. ?

බොහෝ දුරට පාලකයා විසින්ම විකෘති කල දහමක් මිසක සැබෑ මුල් දහම මෙහි නොතිබීම ඊට හේතුවූවා විය හැකිය..

ඉතිහාසයේ වැඩිපුරම මහා ස්තූප චෛත්‍යය දැවැන්ත ආරාම හදලා තියෙන්නෙ වැඩි පුරම බලදේශපාලනයේ ගැලී සිටි පාලකයන්ය. ඒ ආගමික සලකුණු යනු ස්වකීය රාජධානිය තුල ස්වකීය බලයේ සංඛේත පිහිටු වීමකි.. ඒ අනුව ශිෂ්ඨාචාරය වසාගත් දැවැන්ත නටඹුන් සියල්ල පැවති බලදේශපාලනයක මේවලම් වේ..

ලොව ඇති සෑම ආගමක්ම ලොව වටා ව්‍යාප්ත වී ඇත්තේ එකී ආගම තුල දේශනා කෙරෙන සාමයේ ක්ෂාන්තියේ අනුව යමින් නොවේ. මොනයම් හෝ පාලකයෙකුගේ අවිගත් මැදිහත් වීමක් හරහාය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan