*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

” හරිත සංකල්පය” ජනතාවට සමීප කරනවා – බන්දුල ගුණවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනතාව අතර විද්‍යුත් වාහන වඩාත් ප්‍රචලිත කිරීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර , ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තෝරාගත් එක් ගමක් හරිත ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ හෝමාගම පිටිපන ප්‍රදේශය ඊට වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙන බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මේ වන විටත් ලංකාවේ ආයතන රැසක් මගින් නිෂ්පාදනය කරන විදුලි පාපැදි ඇතුළු රථවාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙම ප්‍රදේශයේ ආයතනවල කාර්ය මණ්ඩල සඳහා මෙම වාහන හඳුන්වාදීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව පුරා ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක් විදුලි වාහන නිෂ්පාදනයේ නිරත වනවා.නමුත් රටේ බහුතර පිරිසකට මේ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නැහැ. කිලෝමීටරයකට ශත ගණනක පිරිවැයකට ධාවනය කළ හැකි විදුලි රථවාහන මේ වන විට ලංකාව තුළ නිෂ්පාදනය වී තිබෙනවා.

රටට ආදර්ශයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය හරිතකරණය කිරීමේ සංකල්පය යටතේ අමාත්‍යාංශ නිලධාරීන්ටත් මෙම රථ වාහන භාවිතය හඳුන්වා දීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව ජනතාවට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් එළඹෙන 14 සහ 15 යන දිනවලදී පිටිපන ප්‍රදේශයේදී දේශීය නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් හරිත රථ වාහන පිළිබඳ ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබෙනවා.

එම ප්‍රදර්ශනය සඳහා මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඇතුළු සියලුම අමාත්‍යාංශවල හා ආයතනවල තීරණ ගන්නා මට්ටමේ ඉහළ නිලධාරීන්ට මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම සඳහා ආරාධනා කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා හරිත සරසවිය, නැනෝ තාක්ෂණ ආයතනය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ඇතුළු ප්‍රදේශ ආයතන වල දායකත්වය ද ලබා ගැනීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ විදුලි පාපැදි සහ යතුරුපැදි සහ අනෙකුත් වාහන නිෂ්පාදකයින් රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ගේ අවධානයට යොමු කර විශේෂ සැසිවාරයක් පවත්වා වැඩිවන ඉන්ධන ගැටලුවට ඇති එකම විකල්පය වශයෙන් පවතින විදුලි රථ වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.

මෙවැනි නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා රජය වශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය මෙම අවස්ථාවේදී ලබාදිය යුතුයි. බොහෝ විදේශීය රටවල් අනුගමනය කරන්නේද එම පිළිවෙතයි.

ශ්‍රී ලංකාව තුළ පවතින විශේෂත්වය වන්නේ මෙම රථවාහන නිෂ්පාදනය සඳහා කිසිදු උපාංගයක් විදේශවලින් ආනයනය කිරීමට අවශ්‍ය නොවීමයි.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය සංවිධානත්වයෙන් අනෙකුත් ආයතනවල ද දායකත්වයෙන් සහ සහයෝගයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් හරිත සංකල්පය වඩාත් ජනතාවට සමීප කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.”

යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan