Breaking News: විරේන් අවසන් 16 අතරට

Date:

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයෙන් යම් අවධානයකට ලක් කිරීමට සමත් වී සිටින විරේන් නෙත්තසිංහ ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන විරේන් නෙත්තසාංහ භූතානයේ ගුරුන් අනිස් සහ මොංගෝලියාවේ සුමියාසුරන් එන්ක්බාත් පරාජයට පත් කරමින් අවසාන 16 දෙනා අතරට පිවිසීමට සමත් වුනා.

භූතානය නියෝජනය කළ අනීස් හා තරගය විනාඩි 25 ක කාලයක් පැවති අතර ලකුණු 21 – 6 සහ 21 – 14 ක් ලෙස වට 2- 0 ක පහසු ජයක් වාර්තා කරන්නට විරේන් සමත් වුණා.මොංගොලියානු ක්‍රීඩක එන්ක්බාත් ද විරේන් ඉදිරියේ පරාජයට පත් වූයේ වට 2 – 0 ක් ලෙසයි.විනාඩි 27 ක් පුරා පැවති එම තරගය විරාන් ජයගත්තේ ලකුණු 21 – 8 සහ 21 – 16 ලෙසයි.

මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂීම බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස සැළකෙන නිලූක කරුණාරත්න සිය සමුගැනීම ප්‍රකාශ කළ පසුව ඉදිරි අනාගතයේදී විරේන් අවධානයෙන් යුතුව බලා ගන්නේනම් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම සඳහා මෙහෙයවිය හැකි ක්‍රිඩකයෙක් වන අතර වැඩි ජාත්‍යන්තර තරග අවස්ථා මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවද අවශ්‍ය වෙනවා.නිලූකට ද එවැනි අවස්ථා ලැබීම ඉදිරියට ඒමට බලපෑවත් එය තවත් කාලයකට පෙර මෙන්ම අඛණ්ඩව ලැබුණේනම් වැදගත් තවත් ප්‍රතිපල අත් කර ගන්නට තිබුණා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් හැදෑරීමක් කර විරේන් දැන් සිටින තරුණ වයසේදීම එම දොරටු විවර කර දිය හැකිනම් වඩාත් හොඳ ප්‍රතිපල අපේක්ෂා කළ හැකියි.

විරේන් මේ වන විටලෝක ශ්‍රේණිගත කිරීම්වල 93 වන ස්ථානයේ පසු වෙනවා.



සටහන – නිශ්මං රණස

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...