ආන්දෝලනයට තුඩු දුන් සංවේදී පොලිස් විමර්ශනවල ප්‍රගතිය ගැන අවධානයට!

කොළඹ LNW:රට තුළ ආන්දෝලනයට තුඩු දුන් ඇති සංවේදී විමර්ශන සම්බන්ධයෙන් ඒවායෙහි ප්‍රගතිය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රැස්වීමක් කැඳවා තිබුණි.

මේ වන විට සිදුකරගෙන යමින් පවතින විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන ඇත්නම් ඒවා මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලන හේතු බලපා තිබෙනවාද යන්න ආදී කරුණු සම්බධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඉදිරි විමර්ශන ආරම්භ වී තිබෙන පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍යාංශය දෙසට ජනතා අවධානය වැඩි වශයෙන් යොමුව තිබෙන හෙයින් එකී ආන්දෝලනාත්මක විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවටයි සාකච්ජාවට ගැනී ඇත්තේ.

එමෙන්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් ද උක්ත සාකච්ජාවේදී අවධානයට ලක්ව ඇති බව සඳහන්.

මෙම සාකච්ජාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...