කලාපීය යුද්ධයක් අවශ්‍ය නොවන නමුත් ඊශ්‍රායලය වැළැක්විය යුතු බව ඉරානය ඇමරිකාවට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් වෙනුවෙන් තමන් දැඩි ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බව ඉරානය අතරමැදියෙකු හරහා එක්සත් ජනපදයට පවසා ඇති බව වාර්තා වේ.

පසුගිය බදාදා(02) ඊශ්‍රයලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකශ කර තිබුණේ, පසුගිය සතියේ හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාවු ප්‍රකශ කර තිබුණේ, ඉරානය ඉරානය අද රාත්‍රියේ විශාල වැරැද්දක් කර ඇති අතර ඒ සඳහා වන්දි ගෙවණු ඇති බවයි.

ඒ අනුව කලාපයම යුද්ධයකට හෙළ දමා ඇති ඊශ්‍රායල් ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉරානය කටාර් රාජ්‍යය හරහා ඇමරිකා එක්සත් ජනපදය දැනුවත් කර ඇති අතර එහිදී ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ඉරානය විසින් ඊශ්‍රායල් භූමියට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...