මිල සූත්‍රයට අනුව අද (04) ගෑස් වැඩිවෙයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):‍ මෙවර ගෑස් මිල සංශෝධනය මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත් අතර , ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේය.

පසුගිය සැප්තම්බර් මාසයේදී, රුපියල් 2,982ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 1,256 ක් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...