*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

මීළඟ පොලිස්පති කවුද ?

රටේ පොලිස්පති තනතුර ලබන සඳුදායින් (09) නැවතත් හිස් වීමට නියමිතව තිබේ. ඒ, වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවැනි වරටත් ලබාදුන් මාස තුනක සේවා දිගුව එදිනෙන් අවසන් වන බැවිනි.

ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ ආර්ථික අර්බුදයකින් දැවෙමිනි. ඒ ආර්ථික ගැටලු විසින් සමාජමය ගැටලු ගණනාවක් උත්පාදනය කරනු ලබයි. ආර්ථික අර්බුදය පුපුරා යාමට පෙර පටන්ම රටේ පැවති ඇතැම් සමාජමය ගැටලුත් මීට එක්වූ කල අප සිටින්නේ පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න ගණනාවක් ඉදිරියේය.

නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇති අභියෝග ගැන සලකා බැලීමේදී පාතාල ක්‍රියාකාරකම් ප්‍රධානතම තැනක් ගනී. ගතවූ මාස කිහිපය පිළිබඳ බැලුව ද ගිනිඅවි භාවිතයෙන් සිදුකරන පුද්ගල ඝාතන ම සතියකට කිහිපය බැගින් අසන්නට ලැබිණි. යතුරුපැදිවලින් එන නාඳුනන තුවක්කුකරුවන්, එතෙර සිට ඔවුන්ව පාලනය කරන පාතාල නායකයින් පිළිබඳ පුවත් කොතෙකුත් කියවන්නට ලැබේ. එමෙන්ම පොලිස් අත් අඩංගුවේ පසුවන පාතාල නායකයින් පවා පොලිසිය තුළම නටන නාඩගම් පිළිබඳව ද තොරතුරු පසුගිය දිනවල අධිකරණය හමුවේ දිගහැරුණු අයුරු අපට මතක ය. මේ පාතාලයින් අක්‍රිය කෙරෙන තුරුම සමාජය අනාරක්ෂිත ය. මේ අනාරක්ෂිත භාවය සමාජය රෝගී බවට පත්කරයි. ඒ රෝගය උත්සන්න වීමට පෙර පාතාලය මර්දනය කළ යුතුව තිබේ. එය කළ හැකි පොලිස්පතිවරයකු මේ මොහොතේ රටට අවශ්‍ය ය.

රටක් ආර්ථික අර්බුදයකින් ගොඩගැනීමේදී එහි තීරණාත්මකම ශක්තිය වන්නේ රටේ තරුණ සම්පතයි. අපේ රටේ තරුණ සම්පත දිනපතා මත්ද්‍රව්‍යවලට බිලිවෙමින් නිරපරාදේ නාස්ති වෙමින් සිටිති. මෙය වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී අපට බලපාන ප්‍රධානතම ප්‍රශ්නයකි. එමෙන්ම රටේ අනාගතය වන පාසල් දරු දැරියන් පවා කෙමෙන් කෙමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බිලිවන තත්වයක් දක්නට ලැබේ. මෙය අතිශය දරුණු ඛේදවාචකයකි. රටක් වශයෙන් අප නැඟී සිටින්නට නම් මේ තීරණාත්මක මොහොතේදීම මත්ද්‍රව්‍ය වසංගතයත් අවසන් කරගත යුතුම ය. මත්ද්‍රව්‍ය ජාවාරම්වල පොඩ්ඩන් කොතෙක් හසුවුවත් ලොක්කන් හසුවන්නේ නැත. ඒ තත්වය වෙනස් කරමින් මත්ද්‍රව්‍ය වසංගතය රටින් මුලිනුපුටා දැමිය හැකි පොලිස්පතිවරයකු මේ මොහොතේ රටට අවශ්‍ය ය.

ආර්ථික අර්බුදයටම සාපේක්ෂව සොරකම්, කප්පම් ගැනීම්, මූල්‍ය වංචා වැනි අපරාධ ද වර්ධනය වෙමින් තිබෙනු දැකගත හැකි ය. නීතිය සාධාරණව සහ කඩිනමින් ක්‍රියාත්මක වන්නේ නම් මේ බොහෝ සිදුවීම් වළක්වා ගත හැකිය. පොලීසිය තුළත් මන්දගාමී, දූෂිත චරිත සුළුතරයක් ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකලාපය ද නීතියේ ආධිපත්‍යය පිළිබඳ තහවුරුව සමාජයට සන්නිවේදනය නොවීමට හේතුවක් වෙයි. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් බව හොඳින්ම හැඟෙන්නේ නම් අපරාධ චේතනාවක් ඇති අය පවා එය ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන්නේ නැත. එහෙයින් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් බව සමාජයට තහවුරු කිරීමට පොලීසිය ප්‍රතිසංවිධානය කළ හැකි ශක්තිමත් පොලිස්පතිවරයකු මේ මොහොතේ රටට අවශ්‍ය ය.

මීට අමතරව, ලබන වසර යනු මැතිවරණ වසරකි. ව්‍යවස්ථානුකූලව ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව ඇත. එමෙන්ම දැනට කල්දමා ඇති පළාත් පාලන මැතිවරණයත් කොයි මොහොතක හෝ පැවැත්වීමට සිදුවේ. රටේ අනාගතය සම්බන්ධයෙන් මේ ජනාධිපතිවරණය අතිශයින් තීරණාත්මක එකක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය නිදහස් හා සාමකාමී අයුරින් පැවැත්වීමට අදාළ වටපිටාව සකස් කිරීම සහ පවත්වාගෙන යාම රටට අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වමින් ජනතා මතය නිසි පරිදි පිළිබිඹු වන පරිද්දෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ මැතිවරණ ප්‍රතිඵලයෙන් රටට හොඳක් වන්නේ නැත. එහෙයින් ඒ තත්වය කළමනාකරණය කරගැනීමට හැකි දක්ෂ පොලිස්පතිවරයකු දැන්ම තබා රටට අවශ්‍ය ය.

පොලිස්පති තනතුරට නිලධාරියෙකු පත්කර ගැනීම පවා දේශපාලන ගැටුමක් බවට පරිවර්තනය කරගනිමින්, ඊටත් විසඳුමක් නැතිව එය මාස තුනෙන් තුනට කල්දමමින් සිටින්නේ නම් අපට ආර්ථික අර්බුදයෙන් ගොඩ එනු තබා මේ සිටිනා තැනින් අඟලක්වත් ඉදිරියට යාමට නොහැකි බව රටක් වශයෙන් අප අවබෝධ කරගත යුතුව ඇත. එයින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රශ්න විසඳීමට වඩා ප්‍රශ්න කල්දැමීමට අපේ බලධාරීන් තුළ ඇති ප්‍රවණතාවයි. එහෙයින් ලබන සඳුදා දිනය වනවිට හෝ රටේ අවශ්‍යතාවට ගැලපෙන නව පොලිස්පතිවරයකු සියලු පාර්ශ්වවල එකඟතාවෙන් තෝරාපත් කරගැනීමට දේශපාලන බලධාරීන් කටයුතු කළ යුතුය.

~ රජිත විරාජ්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan