ආසියානු සංවර්ධන බැංකුවට අගමැති දිනේෂ්ගෙන් යෝජනාවක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono මහතා සමඟ හමුවකට එක්ව ඇත. එහිදී, පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සදහා ආයෝජනය කරන ලෙස අග්‍රාමත්‍යවරයා විසින්, Takafumi Kadono මහතා වෙත යෝජනා කර ඇත.

මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වූ නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ළගා කර ගැනීම සදහාත්, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක් කර ඇත.

ආර්ථික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කරන මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති පිළිබඳව Takafumi Kadono මහතා විසින් අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පුද්ගලික අංශයේ සංවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සමාජ ආරක්ෂණය, සාධාරණ ප්‍රවේශය, සෞඛ්‍යය, දේශගුණය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වැනි ක්ෂේත්‍ර ආවරණය කරනු ලබයි.

Takafumi Kadono මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යයනය කිරීමට සහ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ නව ව්‍යාපෘති පිළිබඳව සළකා බැලිය හැකි බවත්ය.

ඊයේ (03) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...